Ads 468x60px

.

අසභ්‍ය දසුන් පෙන්වා තම දියණියන් කෙළෙසන්න හැදූ පියා සොයයි

අසභ්‍ය දසුන් පෙන්වා තම දරුවන්ට අතවර කිරීමට උත්සාහ කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.සැකකරු මේ වන විට පැනගොස් ඇතැයිපොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


වරකාපොල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන තිස්පත් හැවිරිදි සැකකරු දැඩි ලෙස මත්ද‍්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවපැවසේ.සැකකරුගේ බිරිය විදෙස්ගතව ඇතැයිවාර්තා වේ.පසුගිය දිනෙක දැඩිලෙස මත්ද‍්‍රව්‍ය පානය කර නිවසට පැමිණි සැකකරු අසභ්‍ය වීඩියෝවක් බලහත්කාරයෙන් සිය අට හැවිරිදි හා දහතුන් හැවිරිදි දියණියන්ට පෙන්වා ඇත.

පසුව රාතී‍්‍රයේදී 13 හැවිරිදි දැරිය කෙළෙසීමට උත්සාහකර ඇති අතර එහිදී දැරිය විසින් සැකකරුට පා පහරක් දී අඩ පන කර අසල්වැසි නිවසකට පැනගොස් තිබේ.අසල්වැසියන් විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඥාතීන්ට භාරදී ඇත.
 
Related Posts with Thumbnails