Ads 468x60px

.

අනියම් බිරිය යැයි සිතා වෙරිමතේ බිරියට කෝල් කරලා

අනියම් බිරිය යැයි සිතා නියම බිරියට දුරකතනයෙන් වෙරිමතින් ආදර වදන් තෙපලු සැමියකුට නිවෙසේ ගෙපිල මත රැයක් පහන් කිරීමට සිදු වූ පුවතක් කන්ද - උඩරටින් වාර්තා වෙයි.දැනගන්නට ඇති අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු සුළු ව්‍යාපාරිකයෙකි. කුඩා වෑන් රථයකින් වෙළඳාමේ යයි. විවාහකයෙකි. දෙදරු පියෙකි.
වෙළඳාමේ යන අතරතුර හමුවූ විවාහක රූබර කතක් මාස කීපයක ඇවෑමෙන් ඔහුගේ අනියම් බිරිය බවට පත් වූවාය.

සැමියාගේ ‘ වෙනසක්’ දැනුණ බිරිය ඉවසා සිටියේ කුමන මොහොතක හෝ හොරය අල්ලා ගනු අටියෙනි. එහෙත් ව්‍යාපාරිකයා කපටි ලෙස ඒ සියලු ‘ අවස්ථා ‘ මග හැර ගැනීමට සමත් විය.

එහෙත් පසුගිය දිනෙක ඔහුට වැඩේ වැරැදිනි.එදින වෙළඳාම අවසන් කළ ව්‍යාපාරිකයා මිතුරන් කීපදෙනෙකු සමග අවන්හලකට ගොස් හොඳහැටි සප්පායම් විය.ඒ අතරේ ඔහුට අනියම් බිරිය මතකයට ආවේය.

මිතුරන් විනෝදවෙද්දී ඔහු අනියම් බිරියට ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ගත්තේය. දුරකතනයෙන් කාන්තා හඬක් ඇසිනි. ව්‍යාපාරිකයා කතා කෙළේය.

සුදූ.... ඔයා තාම නිදිනැද්ද ? ඔන්න ඔයා අද උදේ මම කෝල් කරලා අද එනකොට ගේන්න කියපු සාරියත් ගත්තා. රෑ දහය වෙද්දී ගේට්ටුව ළඟට එන්න හොඳේ. ඔන්න මම ෆෝන් කරන්නෙ නැහැ.ව්‍යාපාරිකයා අන්දුන්කුන්දුන් කරමින් කාන්තාව කතා කෙළේය.

සූදු .... මට පේනවා තමුසෙට දැන් සුද්දියෙක් ඕන වෙලා වග මමත් බලාගෙන හිටියෙ ඔය හොරේ අතට අල්ලගන්නකං. ලැජ්ජ නැති මිනිහෙක්. ලොකු ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් හැසිරෙන විදියද මේ චික් විතරක්. එනවකෝ අද ගෙදර

කාන්තාවගේ වදන් ඇසු ව්‍යාපාරිකයාගේ වෙරි හිඳුනේ ඒ අනියම් බිරිය නොව නියම බිරිය බව කටහඬින් හඳුනාගත් බැවිනි. වහ - වහා දුරකතන අංකය පරික්‍ෂා කළ ව්‍යාපාරිකයා හිසේ අත ගසා ගත්තේ තමා අනියම් බිරිය යැයි සිතා වෙරිමතේ දුරකතන ඇමතුම් ලබා දී ඇත්තේ තමාගේම බිරියට බව දැන ගත් මොහොතේදිය.

අනියම් බිරිය සහ නියම බිරියගේ නම් වල මුල් අකුරු එක සමාන වීම නිසා වෙරිමතේ දුරකතන ඇමැතුම ගනිද්දි එය බිරියගේ ජංගම දුරකතනයට සම්බන්ධ වී ඇති බව හෙළිවිය.

ඕනෑ - එකක් වෙච්චාවේ යැයි සිතා එදා රෑ නිවෙසට ගිය ව්‍යාපාරිකයාට බිරිය දොර නොඇරිම නිසා පිලේම නිදා ගැනීමට සිදුවිය.

යළි වැරදි ඇසුරක නිරත නොවෙන බව පවසමින් බිරියට වැඳ සමාව ගැනීමෙන් පසු ඔහුට නිවෙසේ දොර ඇරුණු බවද දැන ගන්නට ඇත.
 
Related Posts with Thumbnails