Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ දෙසීය වැනි නළ දරු උපත සාර්ථකයි

ශ්‍රී ලංකාවේ දෙසීය වැනි නළ දරු උපත සාර්ථකව සිදු කිරීමට ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයට හැකියාව ලැබී තිබේ.
වසර තුනක කාලයකදී මෙවැනි ගැබ් ගැන්වීම් 425ක් මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කර බිලිඳුන් 200 දෙනකුට උපත ලබාදී ඇත.
මෙවැනි නළ දරු උපතක් සඳහා රුපියල් ලක්ෂ එක හමාරේ සිට ලක්ෂ හතරක් දක්වා වියදමක් දැරීමට සිදුවේ. වෛද්‍ය විද්‍යාවේ හා නවීන තාක්ෂණයේ උපරිම අවස්ථාවක් වන මෙම නළ දරු උපත්, දරුවන් නොමැති දෙමවුපියන්ට විශාල සහනයක් ලබාදෙන බව රෝහලේ ප්‍රධාන විධායක නිලධාරි ලකිත් පීරිස් මහතා පැවැසීය.
 
දෙසීය වැනි නළ දරු උපත සැමරීම සඳහා ලංකා හොස්පිට්ල් ශ්‍රවනාගාරයේ දී පෙරේදා (23) පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ පළමු වියළි කළල දරු උපත සාර්ථකව සිදු කරමින් ලංකා හොස්පිට්ල් කණ්ඩායම වාර්ෂිකව නළ දරු උපත් සියයකට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව සිදු කිරීමේ හැකියාව ලබාගෙන ඇත.
 
Related Posts with Thumbnails