Ads 468x60px

.

ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ඉල්ලා අස්වේ සමාගමේ කොටස් 7% කින් පහතට

ලොව ප‍්‍රසිද්ධ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඇපල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර ගණනාවක් කටයුතු කළ ඔහු, සිය අස්වීමේ ලිපිය භාරදී ඇත.

කෙසේ වෙතත් ඇපල් සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ කැමැත්ත ලැබුනහොත්, ඉදිරියේදී තමා එහි සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට සූදානම් බව ඔහු සිය ලිපිය මගින් පවසා ඇත.

මෙම පුවත අනාවරණය වීමත් සමග ඇපල් සමාගමේ කොටස් 7%කින් පහත බැස ඇතැයි වාර්තා වේ.
 
Related Posts with Thumbnails