Ads 468x60px

.

තේ දළු නෙළන කතක් භූතයාවත් විකුණං කයි. හැට්ටය ඉරා දමා ව්‍යාජ රඟපෑමක

දෛනිකව කැඩීමට නියමිත තේ දළු ප්‍රමාණය කඩාගත නොහැකි වීමෙන් වැටුප් කැපේ යැයි බියට නම නොකියන භූතයකු පැමිණ තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව කියමින් තම හැට්ටයේ කොටසක් ද, ඉරා දමා ව්‍යාජ රඟපෑමක නිරතවූ කාන්තාවක් නෝර්ටන් බ්‍රිජ් පොලිසිය පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.
නෝර්ටන් බ්‍රිජ් ඔස්බෝන් වත්තේ මිඩ්ෆෝඩ් කොටසේ පෙරේදා (23) පස්වරු 1.30 ට පමණ වූ මේ සිදුවීමෙන් ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
දෙනෙත් පමණක් පෙනෙන සේ මුළුමනින්ම කළු හැඳගත් තිදෙනකු පැමිණ තමන් පැහැරගෙන යෑමට උත්සාහ කළ බවත්, තමන්ගේ කෑගැසීම හේතුවෙන් ඔවුන් අසල වන ලැහැබට රිංඟූ බවත්, කාන්තාව මුලින් පොලිසියට පවසා ඇත.
 
සිද්ධිය තමන් දුටු බවට තවත් කාන්තාවක් ද ප්‍රකාශ කිරීම නිසා පොලිසිය, ප්‍රදේශවාසීන් හා වතු සේවකයන් එක්ව පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇතත් සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමු වී නොමැත.
 
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි රවි චන්ද්‍රසිංහ මහතාගේ උපදෙස් මත නෝර්ටන් බ්‍රිජ් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බණ්ඩාර දෙමටගෙදර, කාන්තා පොලිස් පරීක්‍ෂක කමනි කොඩිකාරච්චි මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සිද්ධියේ සුලමුල හෙළිවී තිබේ. කාන්තාවගේ හැට්ටය ඉරා දමා තිබීම නිසා ඇය ගිනිගත්හේන රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර පොලිසිය වාර්තාවක් ද ගෙන ඇත.

දිනක වැටුප ලබාගැනීම සඳහා වතු කම්කරුවකු සාමාන්‍යයෙන් තේ දළු කිලෝ 14 ක් කැඩිය යුතු බවත්, මෙදින වතු කංකානම් තේ දළු කිලෝ දහයට අඩුවෙන් කඩන අයගේ දින 1/2 ක වැටුප කපා දමන බවත්, ප්‍රකාශ කිරීම නිසා අදාළ කාන්තාව ඉන් බියට පත්ව මේ ව්‍යාජ රඟපෑම සිදුකර තිබේ. පස්වරුව වන විට කාන්තාව තේ දළු කිලෝ 3 1/2 ක් පමණක් කඩා තිබූ බව පොලිසිය පවසයි. කාන්තාවන් දෙදෙනාගෙන් පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් කරගෙන යයි.
 
Related Posts with Thumbnails