Ads 468x60px

.

යට ඇදුම් කිසිවක් නොවූ සුලිපුරම්හි දැරිය කෙළෙසා මැරවේදැයි සැකයක්

සුලිපුරම් හී අතුරුදහන්වූ 8 හැවිරිදි දැරියගේ මළසිරුර එම ප‍්‍රදේශයේම පාලූ ළිදක තිබී සොයාගෙන තිබේ.දැරිය කෙළෙසා මරා දමා ඇතැයි පොලිසිය සැක කෙරේ.දැරියගේ මළ සිරුරේ යට ඇදුම් කිසිවක්ද නොවූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වට්ටුකෝට්ටයි පොලීසිය විසින් සැකකරුවකුඅත්තඩංගුවට ගෙන තිබේ.මෙම දැරිය අතුරුදහන්ව ඇති බවට වාර්තා වූයේ පසුගිය 17 වැනිදා වන අතර ඒ සම්බන්ධයෙන් වව්ටුකෝට්ටයි පොලීසියේ පැමිණිල්ලක්කර තිබිණි.

මෙසේ මියගොස් ඇත්තේ සුලිපුරම් පන්ඩාවේට්ටයි කාට්ටුපුලම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ක‍්‍රිෂ්ණමූර්ති ශාලිනි නැමැති දැරියකි.දැරියගේ මළ සිරුර හමුවී ඇත්තේ ඇගේ නිවසේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් තිබූ පාලූ නිවසක ගෙවත්තේ තිබූ ළිඳකිනි.ගවයන් දක්වමින් සිටි පිරිසක් දැරියගේ මළ සිරුර දැක පොලිසියට කරන ලද දැනුම්දීමකින් පසුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.

මල්ලාගම් මහේස්ත‍්‍රාත් එස්. ගජනිදිපාලන් මහතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසුව මෙම මළ සිරුර අතුරුදහන්ව සිටි 8 හැවිරිදි දැරියගේ බව තහවුරුවී තිබේ.
 
Related Posts with Thumbnails