Ads 468x60px

.

අද රාත්‍රි 10 න් පසු ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂා

වාර්ෂිකව හට ගන්නා උල්කාපාත වර්ෂා අතර වසරේ අවසන් උල්කාපාත වර්ෂාව වන ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂාව අද 14 වැනිදා රාත්‍රි හටගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවට දිස්‌වන මෙම උල්කාපාත වර්ෂාව අද රාත්‍රි 10 න් පසු පාන්දර 5.00 තෙක්‌ අහස නිරීක්‍ෂණය කළොත් මිථුන රාශිය පසුබිම්කර හට ගන්නා අන්දම පියවි ඇසින් දැකගත හැකිය.
දිගු වේලාවක්‌ අහස නිරීක්‍ෂණය කළහොත් පැයක පමණ කාලයක්‌ තුළ දීප්තිමත් ආලෝක ධාරා විහිදුවමින් අහසේ දකුණු දෙසින් උල්කාපාත 45 ක්‌ පමණ ඈත අවකාශයේ සිට පෘථිවිය දෙසට ඇදී එන අන්දම දැකගත හැකිය. එහෙත් මෙම දිනවල පවතින වැසිබර කාලගුණයත් අහසේ වලාකුළු අධික වීමත් මෙම උල්කාපාත වර්ෂාව පැහැදිලිව බලා ගැනීමට බාධාවක්‌ වීමට ඉඩ ඇත.
 
Related Posts with Thumbnails