Ads 468x60px

.

ප්ලාස්ටික් කුඩ මෙහෙයුම ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක් ද ...?

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීම කිසියම් ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි අනුරාධපුර දිස්ති‍්‍රක් වාණිජ - කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය සැක පළ කරයි.එහි ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ පී.බී. දිසානායක මහතා පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් යනු පරිසරයටද අහිතකර නිෂ්පාදනයක් බවයි.
ලොව පුරා බොහෝ රටවල් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වෙමින් සිටියදී ශී‍්‍ර ලංකාව ඊට පරස්පරව කටයුතු කිරීම කණගාටුදායක බව ඔහු කියා සිටියි.මේ අතර සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඉකුත් දා ප‍්‍රකාශ කළේ ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් එළවළු සහ පළතුරු නාස්ති වීම වළක්වා ගත හැකි බවයි. එයද පිළිගත නොහැකි තර්කයක් බව පී.බී. දිසානායක මහතා පෙන්වා දෙයි.
 
Related Posts with Thumbnails