Ads 468x60px

.

උදයන්ති සමඟ අනග රැඟුමක් තිබුනේ නැහැ - ධනංජය

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප‍්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීමක් එහි ප‍්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධනගේ අනග රැඟුමක් හේතුවෙන් අත් නොහැරිය බවත්, එවැනි කිසිදු සිදුවීමක් නොවූ බවත්, ධනංජය සිරිවර්ධන කියයි.
ඔහු මේ බව කියා සිටියේ ‘උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි’ යන උධෘතය යටතේ 2011 අපේ‍්‍රල් 01 වැනි සිකුරාදා අප වෙබ් අඩවියේ කලා තීරයේ පලවූ පුවතක් නිවරදි කර දෙන ලෙස ඉල්ලමිනි.අදාළ වලව්වෙන් පිටව ගියේ එම ස්ථානයේ රූගත කිරීම් අවසන් වීමෙන් පසුව බවද ඔහු කියා සිටියේය.එසේම උදයන්ති තමා හඳුනන්නේ වසර අටක පමණ සිට බවත්, ඇය ඇසුරු කරනුයේ සහෝදර නිළියක් ලෙසට බවත් ඔහු පැවසීය.

පසුගිය කාලය පුරාම තමා කලා ක්‍ෂෙත‍්‍රය තුළ බොහෝදෙනා හඳුන්වන්නේ විනීත නළුවෙකු ලෙසට බවත්, අදාළ පුවත හේතුවෙන් තමා බෙහෙවින් කනගාටූවූ බවද ධංජය පැවසීය.අදාළ පුවත පළකරනු ලැබුවේ එම නාට්‍ය කණ්ඩායමේ ම ප‍්‍රධානියෙකුගෙන් ලද තොරතුරක් අනුව වන අතර, අදාළ පුවත පළ කිරීමෙන් කිසියම් හෝ පුද්ගලයෙකුට සිත් තැවුලක් සිදුවූයේ නම් අප උදෙක්ම කනගාටු වෙමු.
 
Related Posts with Thumbnails