Ads 468x60px

.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ ‘ෆයින්ලෙග්’ කියන්නේ ස්තී‍්‍ර අංගෝපාංගයක් ලු

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් සියලූ දෙනාම තම බිරින්දෑවරුන්ට කතා කිරීමට පෙර ඒ සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය කළමණාකරු වන බ‍්‍රයන් තෝමස්ගෙන් අවසර ගත යුතු යැයි වාර්තාවේ. කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේගෙන් ලකුණු දමා ගැනීම සඳහා බ‍්‍රයන් තෝමස් මෙම නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරමින් සිටී. කි‍්‍රකට් කී‍්‍රඩකයන් හා පාලක මණ්ඩලය අතර අත්සන් කර ඇති ගිවිසුමේ වගන්ති ප‍්‍රකාරව කී‍්‍රඩකයන්ට මෙම සීමාව පැනවෙන්නේ ජනමාධ්‍යයන්ට කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයන් සිදු කරන අවස්ථාවේදී පමණි.

පසුගියදා කුමාර සංගක්කාරගේ බිරිඳ යෙහෙලි ප‍්‍රචාරක දැන්වීමක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව එය පිළිබඳව අදහස් දක්වා ඇති බ‍්‍රයන් තෝමස් පවසා ඇත්තේ මින් පසු කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ‘වයිෆ්ලාටත්’ ඉහත කී තහනම අදාළ වන නිසා ඒ අයටත් මීඩියා එකට කතා කරන්න නම් තමන්ගෙන් ‘ෆර්මිෂන්’ ගත යුතු බවයි.
කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳව මෙලෝ දැනුමක් නැති බ‍්‍රයන් තෝමස් දන්නේ ඉංගී‍්‍රසියෙන් කතා කිරීමට පමණි. කි‍්‍රකට් කී‍්‍රඩාවේ ‘ෆයින්ලෙග්’ යන්න වරදවා වටහා ගෙන සිටි බ‍්‍රයන් තෝමස්, මුලදී සිතා ඇත්තේ එය ස්තී‍්‍ර අංගෝපාංගයක් ලෙසයි.

පසුගියදා තරගාවලියකට යාමට පෙර සංගා අමතා ඇති බ‍්‍රයන් තෝමස් ‘අපේ චැනල් එහෙක කෙල්ලෙක් එනවා එයාර්පෝර්ට් එකට. එයාට ඉන්ටර්විව් එකක් දෙන්න’ යැයි පවසා තිබේ. එසේ ඉන්ටර්විව් එකක්දීමට ගිවිසුම් ප‍්‍රකාරව තමන්ට නොහැකි නිසා එසේ දීමට අවශ්‍යම නම් එය තමන්ට ලිඛිතව දන්වන්නැයි බ‍්‍රයන්ට පවසා ඇති සංගා, ඉන්පසු තම ජංගම දුරකතනය වසා දමා ගුවන් තොටුපොළින් නික්ම ගොස් තිබේ.
 
Related Posts with Thumbnails