Ads 468x60px

.

බෙහෙත් ගන්න යන්නේ බලාගෙනයි

කොල්ලූපිටියේ පෞද්ගලික රෝහලකට අතේ අමාරුවකට බෙහෙත් ගැනීමට ගිය විට එහි සිටි වෛද්‍යවරයා තමා අතපත ගෑ බව කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලයයේ සේවිකාවක කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (13) කියා සිටියාය.

එසේ කෙළේ ඇයි දැයි තේරුම් ගත නොහැකි බවත් පැවසූ ඇය මේ අවස්ථාවේ හෙදියක්ද එහි නොවූ බවද ඇය අධිකරණයට දැනුම් දුන්නාය.
කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් දොස්තරවරයාගෙන් මෙතෙක් කටඋත්තරයක් ලබා ගැනීමට නොහැකිවූ බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබන පෙබරවාරි 06 වැනිදාට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
 
Related Posts with Thumbnails