Ads 468x60px

.

ලංකාවට අලුතෙන් එන නයිට් රේස් අත්‍යවශ්‍ය ද..?

සැබවින්ම රාත්‍රී මෝටර් රථ තරඟ ලංකාවට අත්‍යවශ්‍ය කරුණක්ද? මේ සම්බන්ධව විවිධ මත පළකරන්නෝ වෙති.රජයේ සල්ලි යන්නේ නැත්නම් තිබ්බට මොකද? දුප්පතුන්ට ඔය මුකුත් නැහැ වැනි වදන් මේ සම්බන්ධයෙන් නිතර ඇසෙන ප්‍රතිවිරුද්ධ අදහස්ය.මෙම තරඟාවලියට ඉහළපෙලේ ව්‍යාපාරිකයන් විසින් ලක්ෂ 200 කට ආසන්න මුදලක් දැනටමත් වෙනකොට ඇතැයි පැවසේ. ඒ අනුව මෙහි ටිකට්පත් රුපියල් 50 සිට 3000 දක්වා මිලකර ඇත.


ප්‍රථමවරට කොළොඹ නගරයේ රාත්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරඟාවලියක් පැවැත්වීමට කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් හා තාරුණ්‍යට හෙටක් සංවිධානය කොට ඇති බව ආරංචි වේ.මෙම මස 16 හා 17 දින සවස 6 සිට අලුයම 4 දක්වා මෙම තරග පැවැත්වේ.තරඟ පැවැත්වීම හේතුවෙන් එම දින දෙකේදී කොළොඹ නගරයේ මාර්ග ගණනාවක් වසා දැමීමට නියමිතය.ලෝටස් පාර,ඩියුක් මාවත,බාරොන් ජයතිලක මාවත,යෝක් විදිය,ලංකා බැංකු මාවත එසේ වසා දැමීමට නියමිත මාර්ග අතර වනවා.

මෙම තරඟාවලියට මෝටර් රථ ධාවන තරඟ වර්ග නවයකුත් යතුරුපැදි ධාවන තරඟ වර්ග 6 කුත් පැවැත්වීමට නියමිතයි. මෝටර් රථ ධාවන තරඟ සඳහා ශ්‍රී ලාංකික තරගකරුවෝ 120 දෙනෙකුත් විදේශිකයෝ 12 දෙනෙකුත් හා යතුරුපැදි තරඟාවලිය සඳහා තරඟකරුවන් 95 දෙනෙකුත් සහභාගී වීමට නියමිතයි.
මේ දිනවල එහි ධාවන පථය ලහි ලහියේ ඉදිවන අතර ඒ හේතුවෙන්ද ඇතැම් මාර්ග වසා දමා ඇත.මෙහි මාර්ග කාපට් කරන්නේද ධාවන පථයකට උචිත වන ආකාරයෙන් වන අතර වංගු සහිත තැන වල එක පැත්තක් උස්ව සිටින සේ කාපට් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව මෙම ධාවන තරඟය නිම වීමෙන් පසුව එම ස්ථාන නැවත කාපට් කිරීමට සිදුවීමට සිදුවන්නේ එම ආකාරයට කාපට් කිරීම හේතුවෙන් මාර්ගයේ සාමාන්‍ය වාහන ධාවනයට බාධා පැමිණෙන හෙයිනි.ධාවන පථය කාපට් කිරීම සඳහා මිලියන 20 ක් පමණ වැයවී ඇති බව සැලයි.කලම්බු නයිට් රේස් පැවැත්වෙන්නේ කිහිප දෙනෙකුගේ වුවමනාව හේතුවෙන්ද යන්නත් මේවනවිට පැන නැගී ඇති ගැටලුවකි.කෙසේ නමුත් මෙවැනි ධාවන තරඟ මැලේසියාව වැනි රටවලට සුලභ දසුන් වේ. නමුත් මෙහිදී අප කතාබහට ලක්කර යුත්තේ දුෂණය ඉහ වහා ගිය රටක හා සංවර්ධනය වෙමින් පවතින රටකට මෙම තරඟාවලිය කෙසේ ගැලපෙන්නේද යන්නයි.ඒ පිලිබඳ අදහස් දැක්වීම ඔබ සතුයි.




දෙසැම්බර් 16 හා 17 වන දින කොළඹ – කොටුව ප‍්‍රදේශයේදී මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම මෝටර් රථ ධාවන තරගය සදහා ඉහත දින දෙකෙහිම ප.ව 6.00 සිට පසුදින පෙ.ව 6.00 දක්වා මාර්ග වසා තැබෙනු ඇත.සටහන – දහවල් කාලයේ මාර්ග වසා තැබීමක් සිදු නොවේ. මේ පිළිබද විස්තර පහත පරිදි වේ.

01.මෝටර් රථ ධාවන තරගය ගමන් ගන්නා මාර්ගය -

කොටුව ලෝටස් පාර, ගලධාරි හෝටලය අසළින් ආරම්භ වී සෙරමික් හන්දිය, සී.ටී. ඕ. හන්දියෙන් වමට හැරී චැතම් වීදිය, ඩියුක් වීදිය, බාරොන් ජයතිලක මාවත ඔස්සේ ගමන් කර වමට හැරී බාරොන් ජයතිලක මාවතෙන් යෝක් වීදියට ගමන් කර යෝක් වීදිය ඔස්සේ යෝක් වීදිය බැංකු මාවත හන්දියට ගමන් කර දකුණට හැරී යෝක් වීදිය බැංකු මාවත ඔස්සේ ජනාධිපති මාවතට ගමන්කර එන්.එස්.ඒ. වටරවුම හරහා නැවත ලෝටස් පාරට පිවිස ආරම්භක ස්ථානයට පැමිණීමට නියමිතය. 


02. පහත සඳහන් ස්ථානයන්ගෙන් සවස 6 සිට පසුදින 6 දක්වා ලොරි සහ බස් රථ කොටුව දෙසට ඇතුළුවීමට අවසර නොදෙයි.කොල්ලූපිටිය හන්දිය, පිත්තල හන්දිය, ඉබ්බන්වල හන්දිය, ගාමිණී වටරවුම, සීනෝර් හන්දිය, කාන් වටරවුම

03.පහත සඳහන් මංසන්ධිවලින් සියලුම වාහන දෙදිනේ ප.ව 6.00 සිට පසුදින පෙ.ව 6.00 දක්වා කොටුව දෙසට ඇතුළුවීමට අවසර ලබානොදෙයි.ගාලූ මුවදොර වටරවුම, රිගල් වටරවුම, ඛාන් ඔරලෝස් කනුව, ඔල්කට් මාවත, සීනෝර් හංදිය

04. ගාලු පාරෙන් කොටුව දෙසට ගමන් කරන වාහන සහ බස් රථ කොටුව දෙස සිට ගාලු පාර දෙසට වාහන හා බස් රථ ගමන් කළ යුතු මාර්ගය ගාලූ පාරෙන් පැමිණ කොල්ලූපිටිය හංදිය, පිත්තල හංදිය, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හංදියෙන් දකුණට හරවා මරදාන හංදිය, ටෙක්නිකල් හංදිය හරහා කොටුවට ගමන් කර සිනෝර් හංදියෙන් හරවා නැවත පැමිණි මාර්ගය ඔස්සේම ගමන් කිරිම කළ යුතුය.

05.හැව්ලොක් පාරෙන් කොටුව දෙසට ගමන් කරන වාහන හා බස් රථ කොටුව දෙස සිට හැව්ලොක් පාර දෙසට ගමන් කළ යුතු මාර්ගය සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය දකුණට හරවා මරදාන හන්දිය ටෙක්නිකල් හන්දිය හරහා කොටුවට ගමන් කර සීනෝර් හන්දියෙන් හරවා නැවත පැමිණි මාර්ගය ඔස්සේම ගමන් කළ යුතුය.

06. අනෙක් මාර්ගයන්ගෙන් කොටුව දෙසට ගමන් කරන වාහන සීනෝර් හංදියෙන් හරවා පැමිණි මාර්ගය ඔස්සේම ධාවනය කළ යුතුය.මෝටර් රථ තරගය පැවැත්වෙන කාල සීමාව තුළ වාහන තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාව්තා කිරීමට රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමට ඔබ මාධ්‍ය ආයතනය තුළින් ඉහත නිවේදනය පිළිබඳව පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.


 
Related Posts with Thumbnails