Ads 468x60px

.

ජාතියේ මහා ඛේදවාචකයක් විය හැකි සී ප්ලේන්


සංචාරක කර්මාන්තය රජරට ප‍්‍රදේශයේ තවදුරටත් ව්‍යාප්ත කරමින් අනුරාධපුරයේ තිසාවැවට, නුවර වැවට සහ නාච්චාදුව වැවට මුහුදු යානා (සී ප්ලේන්) බැස්සවීමේදී එවායින් නිකුත් කෙරෙන ශබ්ද තරංග වේගයෙන් පාවී ගොස් ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ ගැටීමක් ඇතිවුවහොත් එය ජාතියේ මහා ඛේදවාචකයක් විය හැකි යයි තිසා වැව හා නාච්චාදුව වැව ගොවි සංවිධාන නියෝජිතවරුන්ද, මාධ්‍යවේදීන්ද අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී පවසා තිබේ. 


මෙම ශබ්ද තරංගවල වේගය සහ දුර ගැන නිශ්චිතව යමක් කිව නොහැකි වුවත් අවදානමක් පැවතිය හැකි බවද ඔවුහු පවසා තිබේ.විශේෂයෙන් නුවර වැවෙන් සහ නාච්චාදුව වැවෙන් ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය සපයන බැවින් මුහුදු යාත‍්‍රා බැස්වීමේදී වැවේ ජලයට තෙල් සහ දුම් කාන්දු විය හැකි බැවින් මේ පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතු බවද දිස්ත‍්‍රික් වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයාද අණාවරනය කර තිබේ.
මුහුදු යානා වැවුවලට බැස්සවීමෙන් කිසිදු හානියක් සිදුනොවන්නේ යැයි මෙහිදී කරණු දැක්වූ ව්‍යාපෘතිය බාර ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ නියෝජිතයා මේ මුහුදු යානා බැස්සවීමේදී බෝට්ටුවකින් සිදුවන ජල තෙරපීම තරම්වත් ජල පීඩනයක් ඇති නොවන බැවින් ජල ජීවින්ට මේ නිසා කිසිදු හානියක් සිදු නොවන්නේ යයිද පවසා තිබේ.

මුහුදු යානාවක් වැවට බැස්සවීමේදී මීටර් 30ක් පළල, මීටර් 1250ක් දිග, අඩි හතරක් ගැඹුර ඇති ජල තීරුවක් පාවී යා හැකි යයිද මේ නිසා කෘෂිකාර්මික ජල සම්පාදනයට කිසිදු හානියක් සිදු නොවේ යයිද එම නියෝජිතයා වැඩිදුරටත් පවසා තිබේ.
 
Related Posts with Thumbnails