Ads 468x60px

.

ගොසිප් කියන්නේ මඩ ප්‍රචාරයක් - අනර්කලී

උපේක්ෂා මෙහෙයවන රූපවාහිනී වැඩසටහනට පැමිණි අනර්කලී ආකර්ෂා විවිධ පුද්ගලයින් සම්බන්ධ කර පළවන ගොසිප්ස් ගැන කතා කළා. ගොසිප් කියන්නේ මඩ ප්‍රචාරයක් බවයි ඇය පැවසූවේ.
 පසුගියදා දෙරණ රුපවාහිනිය ඔස්සේ විකාශය වන උපේක්ෂා ස්වර්ණමාලි විසින් මෙහෙයවන "උපේක්ශායි - ඔබයි මමයි" වැඩසටහනට සහභාගී වුයේ රංගන ශිල්පිනියක් හා දකුනු පලත් සභා මන්ත්‍රීවරියක් වන අනර්කලී ආකර්ශායි.එහිදී ඇයගේ රසිකාවක් විමසු පැනයකට පිළිතුරු දෙමින් අනර්කලී ප්‍රකාශ කලේ තමා කිසි දිනෙක විවාහ නොවන බවයි.

රසිකාවිය: අනාර් කවදාහරි ඔයා මැරී කරාට පස්සේ ඔයාගේ හස්බන්ඩ් කිව්වොත් ඔයාට දේශපාලනයෙනුයි රඟපෑමෙනුයි අයින් වෙන්න කියලා,ඔයා මොකද්ද ඒ වෙලාවට ගන්න තීරණය?

අනර්කලී : රත්තරනේ මම කවදාවත් කසාද බඳින්නේ නැහැ.හේතුව ගැන කිව්වොතින් මගේ යාළුවො පවුලේ අය ඒ ගොල්ලන්ගේ විවාහ ජීවිතය දිහා බැලුවහම මම කැමති නැහැ දුකක් දෙන්න කාටත් ඒ වගේම මම කැමති නැහැ දුක මගේ ජිවිතයට ගන්න.



මම විශ්වාස කරනවා විවාහය කියන්නේ ඉතාම ලොකු වගකීමක් වර්තමානයේදී ජිවිත වෙනස් වෙලා තියෙන්නේ.වගකීම් අපිට ඕන දේවල් ජිවිතේ වෙනස් වෙලා තියෙන්නේ.ඉස්සරකාලේ විවාහය ගැන විතරයි අපි හිතුවේ.නමුත් දැන් අපි අපේ අධ්‍යාපනය ගැන රැකියාව ගැන අපි අපේ සෞඛ්‍යය ගැන අපි අපේ විනෝද වෙලාවේ කරන්න ඕන දේවල් ගැන හිතනවා.ඒ නිසා මම බොරුවක් කියන්න කැමති නැහැ.මම කසාද බඳින්නේ නැහැ.

එහිදී ගොසිප් වෙබ් අඩවි ගැන අදහස් දැක්වීමටද අනර්කලී අමතක කලේ නැහැ

එසේම වැඩක් නොමැති අය මෙවැනි ගොසිප් නිර්මාණය කරන බවත් පැවසුවා. ඇය අන්තර් ජාලයේ සිටි අවස්ථාවක තවත් රංඟන ශිල්පිණි යකගේ ඡායාරූප ඇති බව වෙබ් අඩවියක දුටු විට එම ඡායාරූප පිළිබඳව සොයා බැලුවත් කිසිම ඡායාරූපයක් නොදුටු බවයි ඇය පවසුවේ.

ලඟදි මම අන්තර්ජාලයේ සිටින කොට මට මොහොතක් උදාවුණා සහෝදර කලා ශිල්පිණියකගේ විස්තරයක් දිස් වුණා. දැන් අලුත්ම ක්‍රමය.... මේක දිස් කරනවා, දිස් කරනවා....බැබළෙනවා.... රන් අකුරින් වගේ එක එකක් පාටවල්..... මෙහෙම ඡායාරූප තියෙනවා කියලා. මම දන්නවා මේ කලාකාරිණිය ජීවිතේට එහෙම ඡායාරූපයක පෙනී සිටින්නේ නෑ කියලා. මං ගිහින් බැලුවා... මොකුත් නෑ....


අනර්කලීගේ සම්පූර්ණ කතාව පහතින්
 
Related Posts with Thumbnails