Ads 468x60px

.

තාත්තා නිදහස් කරන්න දුවගෙන් ඉල්ලීමක්


සිය පියාණන් පසුගිය යුධ ජයග‍්‍රහණය සඳහා විශාල කැපකිරීමක් කල බවත් එය සලකා ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලමින් අපර්ණා ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන බව රජයට සමීප ආරංචි  මාර්ග සඳහන් කරයි. සිය පියා වන සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාවට නිදහස් කරන්නැයි ඔහුගේ දියණිය විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි  එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.


කෙසේ වෙතත් මෙම ලේඛණය සරත් ෆොන්සේකා මහතා හෝ අනෝමා මහත්මියගේ අනුදැනුම මත යොමුකරනු ලැබූවක්ද නොඑසේනම් අපර්ණා ෆොන්සේකා මහත්මිය විසින් සිය අබිමතය පරිදි යොමුකරනු ලැබූවක්ද සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සොයා බලමින් සිටින බවත් දැනගන්නට ලැබේ.
 
Related Posts with Thumbnails