Ads 468x60px

.

පවුලේ කෙනෙක් ඉල්ලූවා නම් සලකා බලන්න තිබුණා - ජනපති


සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තාවල කිසිදු පදනමක් නොමැති බවත්ඔහුගේ පවුලේ ඥාතීන් හැර වෙනත් පුද්ගලයින් කරන ඉල්ලීම් පළක් නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

උදා වූ නව වසරට සුබ පැතීම සඳහා තමා ඊයේ ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයාට එම කාරණය අවධාරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා පැවසීය.ජනාධිතිවරයාට සුබ පැතීමෙන් පසු වෛද්‍ය ජයලත් මහතාසරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් විමසා තිබේ.

‘‘මොන පිස්සුදඅඩුම තරමින් ඒ ගැන සලකා බලන්න හරි කියලා ඒ පවුලේ කෙනෙක් මගෙන් ඉල්ලූවා නම් මට ඒ ගැන කටයුතුකරන්න තිබුණා’’ යැයි එහිදී පවසා ඇති ජනාධිපතිවරයාඑක එක මන්ත‍්‍රීවරුන් කරන ඉල්ලීම්වලින් පළක් නොවන බවද සඳහන්කර තිබේහිටපු යුද හමුදාපති ෆොන්සේකා මහතා ජනවාරි 01 වැනිදා නිදහස් කරන බවට මාධ්‍යවල පළ වී තිබීම නිසා බොහෝ පිරිසක් ඊයේ උදෑසන සිට තමන්ගෙන් ඒ පිළිබඳව විමසා සිටි බැවින්තමා ඒ ගැන ජනාධිපතිවරයාගෙන් විමසූ බව වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
 
Related Posts with Thumbnails