Ads 468x60px

.

නාමල්, ෆොන්සේකාට නිදහස දීමට ඉදිරිපත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා හට ජනාධිපති සමාව ලබාදීම සඳහා මේ දිනවල සිදු කරන විශේෂ සාකච්ජා වලට ද සම්බන්ධ වී ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

මෙම සාකච්ජා පවත්වා ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික ජාතික සංවිධානයේ ටිරාන් අලස් මහතා සමගය. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා එයට මැදිහත්වී ඇත්තේ ජනපතිගේ අනුදැනුම මතය. සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා ඉල්ලීම් කලයුතු ආකාරය, සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබා දෙන ආකාරය පිලිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා වී ඇත.

මව්බිම පුවත්පත ටිරාන් අලස් මහතාට අයත් පුවත්පතකි. මේ අනුව සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම් ක්‍රියාවලිය සඳහා මින් මතුවට විශේෂ කාර්යභාරයක් නාමල් රාජපක්ෂ මහතා විසින් ඉටු කිරීමට නියමිත බව එම පුවත්පත වාර්තා කර සිටිනවා. 
 
Related Posts with Thumbnails