Ads 468x60px

.

හම්බන්තොට රෝහලේ සැකකටයුතු මාතෘ මරණ


සිසේරියන් සැත්කමකින් දින කිහිපයකට පසු හම්බන්තොට රෝහලේදී මවක මියගොස් තිබේ.මෙම මරණය තමන්ට සැකසහිත බව ඇයගේ ඥාතීහු පවසති.ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හම්බන්තොට කුඩා ගම්මාන 7 ප්‍රදේශයේ පදිංචිව සිටි කලුගමගේ අ‍නෝමා නිලන්ති මහත්මිය දරු ප්‍රසූතියක් සඳහා හම්බන්තොට මහ‍ රෝහලට ඇතුළත් කෙරුනේ දෙසැම්බර් මස 24 වෙනිදායි.

35 වැනි වියේ පසු වු ඇය එදිනම සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසූත කර තිබුණි.රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අනෝමා නිලන්ති දරු ප්‍රසූතියෙන් පැය 72කට පසු දරුවාද සමග නිවසට පැමිණ තිබේ.කෙසේ වෙතත් දෙසැම්බර් මස 31 වැනිදා පස්වරු 5.00ට පමණ අ‍නෝමා නිලන්ති සිය බිළිඳිය සහ තුන්හැවිරිදි දරුවා තනිකර දමා මෙලොවින් සමු ගත්තාය.

දෙසැම්බර් මස 11 වැනිදා ද හම්බන්තොට මහරෝහලෙන් සැකකටයුතු මරණයක් වාර්තා විය.සිසේරියන් සැත්කමකින් පුස මියගිය නිලවීර සෝමගේ ශ්‍රීයාලතා මහත්මිය‍ නැමති ඇ‍යගේ මරණ සහතිකය මේ වන විට ඇගේ ඥාතීන් අතට පත් වි තිබේ.එහි සටහන්ව ඇත්තේ, ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයක් හේතු‍වෙන් වු හෘද ශ්වසන අකර්මන්‍යතාවක් මෙම මරණයට හේතු වී ඇති බවයි.ඇය දෙසැම්බර් මස තුන්වෙනිදා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙනි.තිදරු මවක වු ඇය ඒ වන විටත් මාස හතක ගැබිණියකව සිටි අතර දෙසැම්බර් 5 වැනිදා සිසේරියන් සැත්කමකින් පසු දරුවා ප්‍රසූත කර තිබුණි.රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රියාලතා මහත්මිය සැත්කමකින් දින 4කට පසු මියගිය අතර ඇගේ සිරුර මුද්‍රා තබා එදින පස්වරු  1.30ට පමණ ඥාතින්ට භාදුන්නේ, සූකර උණ වැළදී මිය ගොස් ඇති බැවින් මධ්‍යම රාත්‍රියට පෙර අවසන් කටයුතු කරන ලෙස දන්වමිනි.

ඒ අතර ඇගේ දරුවාද මාතර මුලික රෝහලේදී අද මිය ගියේය.ඇගේ ඥාතීන් පවසන්නේ, හම්බන්තොට මහ රෝහලේ දී නොමේරු ළදරු ඒකකයේ මෙවැනි බිලිදුන්ට ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් නොමැති බව බොහෝ වෛද්‍යවරුන් පැවසුව ද රෝහල් බලධාරීන් බිලිදා එහි රඳවා ගෙන සිටි බවයි.බිලිඳා අසාධ්‍ය තත්ත්වයට පත් වු පසු මාතර මූලික රෝහලට මාරු කර යැවීමට හම්බන්තොට මහ රෝහල් බලධාරීන් පියවර ගත්ත ද ඉන් ඵලක් වී නොමැත.
 
Related Posts with Thumbnails