Ads 468x60px

.

පාතාලයේ චන්දනගේ හිසට වෙඩි තබා මරා දමයි

මිනී මැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල ලෝකයේ ප්‍රබලයකු බව කියන චන්දන දාබරේ නමැත්තා නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (01 වැනිදා) අලුයම තලවතුගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස්‌ හිසට වෙඩි තබා ඝාතනය කර තිබේ.


ඝාතනයට ලක්‌වූ හේවගේ චන්දන මොහාන් දාබරේ (40) නමැත්තාගේ සිරුර තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ දමා ගොස්‌ තිබියදී තලංගම පොලිසිය මගින් ඊයේ (01 වැනිදා) උදේ හයට පමණ සොයාගෙන තිබිණි. පැහැර ගැනීම සිදුවන අවස්‌ථාවේ චන්දන දාබරේ නමැත්තා මිතුරන් පිරිසක්‌ ද සමග තලවතුගොඩ මංසන්ධියේ රතිඤ්Æ පත්තු කරමින් සිට ඇත. ඒ අවස්‌ථාවේ සුදු පැහැති වෑන් රථයකින් ටී. 56 ගිනි අවිවලින් සන්නද්ධව පැමිණි පිරිසක්‌ චන්දන දාබරේ සහ ඔහු සමග සිටි පිරිස මහමඟ දණ ගස්‌සවා පසුව පහරදී දාබරේ නමැත්තා වෑන් රථයේ දමාගෙන් පලාගොස්‌ තිබේ. 

පැහැර ගැනීම සිදුවූ ස්‌ථානයට කිලෝමීටරයක්‌ පමණ දුරින් කිඹුලාවල ප්‍රදේශයේදී චන්දන දාබරේගේ හිසට වෙඩි තැබූ සන්නද්ධ පිරිස ඔහුගේ සිරුර මහමඟ දමා පලාගොස්‌ තිබිණි. 
ඝාතනයට ලක්‌වූ චන්දන දාබරේට එරෙහිව මිනී මැරුම් චෝදනා 04 ක්‌, මහා පරිමාණ කප්පම් ගැනීම්, කොල්ලකෑම් අවි ආයුධ ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණි.මොහු අවස්‌ථා තුනකදී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සමග මිරිහාන විශේෂ විමර්ශන ඒකකය, කොළඹ අපරාධ විමර්ශන ඒකකය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන මාස ගණනක්‌ බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටි පුද්ගලයකු වෙයි.

චන්දන දාබරේ නමැත්තා තලවතුගොඩ ප්‍රදේශයට පැමිණ ඇත්තේ මීට වසරකට පමණ පෙරය. බන්ධනාගාරගතව සිටියදී මොහු දුරකථන මාර්ගයෙන් ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් ලබාගත් බවට ද චෝදනා එල්ලවී ඇත.මෙම ඝාතනය කවුරුන් විසින් කළේ ද යන්න හෙළිවී නැත. බස්‌නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න, නුගේගොඩ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා, තලංගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.
 
 
Related Posts with Thumbnails