Ads 468x60px

.

රුසියානු තරුණියට සුවයි - මුහුදු වෙරළ සංචාරකයන්ගෙන් පිරී යයි.

මිරිස්ස මුහුදු වෙරළ අද (2) සංචාරකයන් ගෙන් පිරී ගියේය. නත්තල් සමයේ තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය  ජාතිකයකු මරා ඇගේ පෙම්වතියට පහරදීමේ සිද්ධියෙන් බලපෑමක් නැති බව සංචාරක අංශ කියයි. ( Photo )




තංගල්ලේදී මැර පිරිසකගේ අතවරයට ලක්‌ව තුවාල ලබා දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාරලබන රුසියන් ජාතික වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි තරුණිය ලබන සතියේ නැවත රුසියාවට යැමට නියමිත යෑයි රුසියාවේ ශ්‍රීලංකා තානාපති උදයංග වික්‍රමතුංග මහතා පවසයි.

මේ සිද්ධිය නිසා තමා වහාම ශ්‍රී ලංකාවට පැමිණි බව ද, ප්‍රතිකාර ලබමින් සිටින ඇය බැලීමට තමා රෝහලට ගිය බව ද තානාපතිවරයා කියා සිටියි.මේ වන විට ඇය සුවය ලබමින් යහපත් සෞඛ්‍ය හා මානසික තත්ත්වයෙන් පසුවන බව ද ඇයට අවශ්‍ය සෑම උපකාරයක්‌ ම රජය විසින් සලසන බව ද ඔහු සඳහන් කරයි.

පසුගිය දා 25 දා අලුයම තංගල්ල - මැඩිල්ල ප‍්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි  බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් යෙන් නමැති 27හැවිරිදි අයෙකු ඝාතනය කල පිරිස,  ඔහුගේපෙම්වතිය  වන වික්‌ටෝරියා මෙම තරුණියටද අතවර සිදු කර තිබිණ.







 
Related Posts with Thumbnails