Ads 468x60px

.

මහත්තයා අසනීප වුණේ බෙහෙත් ඇලජික්‌වෙලා - වාස්‌ බිරිඳ කියයි

මගේ සැමියා හදිසියේ රෝගාතුරවීම පිළිබඳ රටේ එක එක කතා ප්‍රචාරය වෙනවා. මෙහි සැබෑ තත්ත්වය ඔහු පාවිච්චි කළ බෙහෙතක්‌ ඇලජික්‌වීම යෑයි කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශාමලි ගුණවර්ධන මහත්මිය කීවාය.


සැමියා හදිසියේම රෝගාතුරවීම නිසා පොලිස්‌ නිලධාරීන් ඔහුව ඒ මොහොතේම රෝහල්ගත කෙරුවා.

දැන් සැමියාගේ තත්ත්වය හුඟක්‌ හොඳ අතට හැරී තිබෙනවා. ඔහුට අසනීප වෙනකොට මම ගෙදර හිටියේ නැහැ. මම ආපසු ගෙදර එනකොට සවස 6.30 ට විතර ඇති. සැමියාට අසනීපවීම පිළිබඳ එක එක කතා පැතිරෙනවා. රටේ තත්ත්වය ඕකයි.

මහත්තයා ගෙදර ආවට පස්‌සේ එයාට හොඳට විවේකයත් අවශ්‍යයයි. එයා රාජකාරියට අවංකව කැපවීමෙන් වැඩ කරනවා. අපේ ජීවිතය හැමදාමත් ප්‍රශ්නවලට මුහුණ දෙන එක යෑයි කියමින් ශාමලි ගුණවර්ධන මහත්මිය සිනාසෙමින් කීවාය.
 
Related Posts with Thumbnails