Ads 468x60px

.

වෙනත් අයට වඩා මම අඩුවෙන් රඟපාන්නේ - ලකීඩයස්

අද (03) ප්‍රධාන පුවත් පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ලකීඩයස් මහතා මෙසේ පවසා ඇත.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ''වෙන රටවල කලාකරුවන්ට කොන්දක්‌ තියෙනවා. අපේ අයට කොන්දක්‌ නැහැ. ආත්මාර්ථ කමින් හම්බ කරන්න විතරයි බලන්නේ. බලන්න ඉන්දියාව. දේශපාලනය චිත්‍රපට පරිපාලනයට රිංගුවා. අදත් දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙනවා. 



නිෂ්පාදකයන්, නළු නිළියෝ එඩිතරව වැඩ කරනවාට වඩා බඩ වඩා ගන්න තුට්‌ටු දෙකට වැඩ කරනවා. කොන්දක්‌ තියෙනවා නම් එකාමෙන් එකතුවෙලා කේවල් කරන්න ඕනෑ. ඉන්දියාවේ නළු නිළි සංගම් තියෙනවා. අපේ ජ්‍යෙෂ්ඨයන් නිසිලෙස වැඩ කළානම් ඉන්පසු පරපුරට කොතරම් ස්‌ථාවරයක්‌ ඇතිව පය ගසා ගෙන ඉන්න පුළුවන්ද?'' යනුවෙන් ප්‍රශ්න කරමිණි.

එහිදී ඔහු විසින් පළකල අදහස් කිහිපයක් පහතින් පළවේ.


සිනමාවේ අද දවස ගැන කතාකිරීමේදී එහු පවසා ඇත්තේ ''අසූව අගභාගයේ ඉඳලා අද දක්‌වා දශක දෙකකට වැඩිය නළුවෙක්‌ ලෙස කටයුතු කරනවා. අද අපි අගාධයට වැටිලා. අද ඉන්නේ පිටපත් රචනා කරන්නවත් බැරි පිරිසක්‌. දක්‍ෂ රචකයන් තුන් හතර දෙනෙක්‌ ඉන්නවා. ඒ අය ගැන නොවේ මම මේ කියන්නේ. 


පම්පෝරි ගසමින් විවිධ කූට ක්‍රම මගින් ජනප්‍රිය වීම මිසක්‌ ව්‍යාකරණානුකූල ලෙස දෙබසක්‌වත් ලියාගන්න සමහර පිටපත් රචකයන්ට බැහැ. මෙවැනි පිටපත්වලින් කොහොමද අද අධ්‍යක්‍ෂවරු නිර්මාණ කරන්නේ. මට නම් හිතාගන්න බෑ දක්‍ෂයන් ගෙවල්වලට වෙලා පුස්‌කන්නේ ඇතැම් නාලිකාවලින් පුම්බන උදවිය ක්‍ෂේත්‍රයේ කරණම් ගසන නිසායි. මේක අපේ පැත්තෙන් බලද්දී ඛේදවාචකයක්‌.'' යනුවෙනි

වෘත්තිය ශිල්පියාගේ කාර්ය භාර්යය ගැන අදහස් දක්වමින්  පවසා ඇත්තේ ''අපි වෘත්තිය ශිල්පීන්. අපිට ජීවත්වෙන්න මුදල් ඕනේ. ඒත් මුදල් හම්බ කරන්න වෙලා තියෙන්නේ තෘප්තිමත්ව රඟපාලා නොවේ. මේක මට හොඳින්ම දැනෙනවා. ඒ නිසා තමයි වෙනත් අයට වඩා මම අඩුවෙන් රඟපාන්නේ. ඒක කනගාටුවක්‌. අපි දවසින් දවස කාලකන්නියෝ බවට පත්වී තිබෙනවා. අපෙන් රටට සිදුවිය යුතු සේවය කරන්න ඉඩක්‌ නෑ. '' යනුවෙනි.


සිනමාවේ අනාගතය සම්බන්ධයෙන් ලකීඩයස්මහතා පවසා ඇත්තේ ''මම නම් කිසිම අනාගතයක්‌ දකින්නේ නැහැ. ජාතියක්‌ විදිහට අපි ආපස්‌සට යන්නේ කුලල් කා ගැනීම නිසා. තවකෙකුගේ කකුලෙන් අදින මානසිකත්වය තිබෙන නිසා.'' යනුවෙනි.
 
Related Posts with Thumbnails