Ads 468x60px

.

බඩුත් එක්ක කුඩු අක්කී කූඩුවට

මහනුවරට හෙරොයින් ගෙන්වා බෙදා හරින ප‍්‍රධාන ජාවාරම්කාරිය ලෙස සැලකෙන හැට හැවිරිදි ”කුඩු අක්කී” නැමැති කාන්තාව හා ඇගේ ගෝලයන් සිවු දෙනෙකු හෙරොයින් පැකට් 19 ක් සමඟ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඇය
අත්අඩංගුවට ගෙන ඇත්තේ දංගොල්ල ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රසිද්ධ සුසාන භූමියක් තුළදීය. ඇගේ ගෝලයන් බව පැවසෙන සිවු දෙදෙනා දංගොල්ල සංඝරාජ මාවත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත. එම සැකකරුවන් සන්තකයේ තිබී ගංජා පැකට් දෙකක්අත්අඩංගුවට ගෙන තිබේ.

ප‍්‍රධාන
සැකකාරිය හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පෙර වැරදි ගණනාවක් තිබෙන බවත්, මේ වන විටද සිද්ධීන් දෙකක් මහාධිකරණයේ විභාග වෙමින් පවතින බැව් පොලිසිය පැවසීය.කලක් තිස්සේ සිට සැකකාරිය මහනුවර, පේරාදෙණිය, දංගොල්ල ආදී ප‍්‍රදේශවලට හෙරොයින් බෙදා හැරීම සිදුකර ඇති බවද පොලිසිය කීය.
 
Related Posts with Thumbnails