Ads 468x60px

.

ලෙෂාන් ද සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙන තත්වයක් - තවමත් නිදැල්ලේ

පයාගලදී ඝාතන දෙකක් සිදුකර තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදුකරමින් පළාගිය වාහනයේ සැබෑ රියැදුරු වන රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාගේ ඥාති පුත්‍රයකුවන ලෙෂාන් ද සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්ම නොවෙන තත්වයක් පෙනෙන්නට තිබේ.


මෙම රියදුරු බීමත්ව අධික වේගයෙන් WP KO 1214 දරණ මෝටර් රථය ධාවනය කරද්දී  පයාගල  ප‍්‍රදේශයේදී පළමුවරට හැප්පූ පාපැදිය දෙකට කැඞී එය පැදවූ තරුණයා එතැනම මියගොස් තිබේ. නමුත් ඔහු රථය නොනවත්වා ධාවනය කර  තවත් ටික දුරකදී එවැනි තවත් පාපැදියක හප්පා ඇත. 


එම අවස්ථාවේ පාපැදියේ ගමන් කළ තරුණයා උඩින් විසිවී අසළ ටකරන් සෙවිලිකළ නිවසක වහලය මතට වැටී තිබෙන අතර ඔහු වහලයද කඩාගෙන බිම වැටී එතැනම මරුමුවට පත්ව තිබේ.මෙම අනතුරෙන් පසුවත් වාහනය දිගින් දිගටම ධාවනය කරගෙන යද්දී තුන්වෙනිව එය යතුරු පැදියක හැපී තිබෙන අතර එය පෙරළී බරපතල ලෙස අබලන්ව එය පැදවූ තැනැත්තා විසිවී තුවාල ලබා තිබේ. 

එම අනතුරෙන් පසුව බීමත් රියදුරුගේ වාහනය නතරවී තිබෙන්නේ අසළ බිත්තියක් කඩාගෙන ගිය පසුය.මියගිය දෙදෙනා රාත‍්‍රියේ අවමංගල නිවසකට ගොස් නැවත එමින් සිටි පයාගල ප‍්‍රදේශයේම 28 හා 30 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.මෙම මෝටර් රථය පදවා තිබෙන තැනැත්තා අත්අඩංගුවට ගත් බවත් ඔහුට සුළුතුවාල තිබුණ බවත් ඔහු රෝහල් ප‍්‍රතිකාර ලද පසු මහේස්ත‍්‍රාත් හමුවට පමුණුවා ඔහුව 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවත් පොලීසිය පැවසුවද ප්‍රදේශවාසීන් පවසන්නේ එම පුද්ගලයා රථය පැදවූ පුද්ගලයා නොවන බවයි.

රිය පදවන ලද්දේ ඇමති රෝහිත අබේවික්‍රම මහතාගේ ඥාති පුත්‍රයා බවත් අනතුර සිදුවන අවස්ථාවේ අවස්ථාවේ වාහනයේ තවත් පුද්ගලයෙකු සිට ඇති බවත් මත්පැන් බෝතල් 2ක් තිබුණ බවත් ප‍්‍රදේශවාසීන් පවසයි.


මෙම සිද්ධියේදී රෝහලේ ආරක්ෂාවට පවා පයාගල පොලිසිය ඉදිරිපත්වී නැති අතර ඒ වෙනුවට අවට ප‍්‍රදේශ වන බේරුවල දොඩන්ගොඩ හා කළුතර පොලිසි රාජකාරී කරන බව වාර්තාවේ.















 
Related Posts with Thumbnails