Ads 468x60px

.

අනියම් සැමියා දොස්තර වෙස් ගෙන දරුවාට නමක් දෙන්න ගිහින් මාට්ටු

අලුත උපන් තම මිතුරකුගේ බිරිඳගේ දරුවාට නමක් දෙන්න යයි පවසා වෛද්‍යවරයකුගේ වෙස්ගෙන රෝහලට ඇතුළත් වූ බව කියන පුද්ගලයකු හෙට දවස දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 9.00 ට පමණ තමා වෛද්‍යවරකු යයි පවසා වෙද නලාවක්ද රැගෙන ජාතික රෝහලේ මාතෘ සායන අංශයට ඇතුළුවී ඇති බව පොලීසිය පවසයි. තම මිතුරාගේ බිරිඳට අලුත උපන් දරුවාට නමක් ලබාදීමට හදිසියේ වාට්ටුවකට ඒමට සිදුවූ බව හෙතෙම රෝහල් බලධාරීන්ට පවසා ඇත.

එහෙත් මොහුගේ හැසිරීම් රටාව ගැන සැක සිතුණු රෝහල් කාර්ය මණ්ඩලය ඒ බව පොලීසියට දන්වා ඇති අතර පසුව පොලීසිය පැමිණ ප්‍රශ්න කරද්දී මොහු වෛද්‍යවරයකු ලෙස රඟපෑ කැලණිය ප්‍රදේශයේ පදිංචි සාමාන්‍ය පුද්ගලයකු බව හඳුනා‍ගෙන තිබේ.

එබැවින් මෙම සැකකාර ව්‍යාජ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අද අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව හෙට දිනය දක්වා රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 


 
Related Posts with Thumbnails