Ads 468x60px

.

රන් මිනී පෙට්ටියේ සැතපී සිටි ' විට්නි : ද ලාස්ට් ෆොටෝ'

ඇමෙරිකාවේ සතිපතා සඟරාවක් විසින් පසුගියදා මියගිය සුපිරි පොප් ගායිකා විට්නි හියුස්ටන් ගේ අන්තිම ඡායාරූප පළ කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ඡායාරූප පළ කර ඇත්තේ නැෂනල් ඉන්ක්වයරර් සඟරාවේ ඉදිරිපස කවරයේය.


'
විට්නි : ද ලාස්ට් ෆොටෝ' ලෙස නම් කර ඇති ඡායාරූපයට සම්බන්ධ වැඩි විස්තර ඇතුළු පිටු වල ඇතැයි නැෂනල් ඉන්ක්වයරර් පවසයි.

සිය රන්
මිනී පෙට්ටියේ සැතපී සිටි විට්නි, සිය පි‍්‍රයතම දමු පැහැ ගවුමෙන්, රන් පාවහන් හා ඇමෙරිකානු ඩොලර් 500,000ක් වටිනා ආභරණ වලින් සැරසී සිටි බවද එම සඟරාවේ සඳහන් වේ.

මෙම
ඡායාරූපය ගෙන ඇත්තේ විට්නි ගේ සිරුර තැන්පත් කර තිබූ නිවාක් හි විගම් අවමගුල් ශාලාවේදී බව අනාවරණය වී තිබුණද, ඇගේ පවුලේ සාමාජිකයන් හට පමණක් පෙන්වනු ලැබූ විට්නි ගේ දේහයේ ඡායාරූප ගත් පුද්ගලයා කවුද යන්න මේ දක්වා අනාවරණය වී නැත.

කෙසේ
වෙතත්, ලොවපුරා සිටින විට්නිගේ රසිකරසිකාවියන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙයට එරෙහිව දැඩි විරෝධය පළ කර ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි.

 
Related Posts with Thumbnails