Ads 468x60px

.

රන්ජන්ගෙන් ජීවිතයට අතහිත දුන් අයහට කෘතගුණ පුදකිරීමේ උතුම් ආදර්ශයක්‌

ජනතා ඡන්දයෙන් මැතිසබයට තේරී පත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් ශ්‍රී ලාංකේය සිනමාවේ රංගනයෙන්, අධ්‍යක්‍ෂණයෙන්, නිෂ්පාදනයෙන් ජනප්‍රියතාව රැන්දූ රන්ජන් රාමනායක නම් ජීවිතයට අතහිත දුන් අයහට කෘතගුණ පුදකිරීමේ උතුම් ආදර්ශයක්‌ ඉකුත්දා රාජගිරිය සවරන් හෝටලයේදී සිඳුකළේය. 


සිනමා ක්‌ෂේත්‍රයේ විශාල පිරිසක්‌ රන්ජන් ගත් එම පියවරට සුබ පතන්නට එම උළෙලට පැමිණ සිටිනු දක්‌නා ලදී. ජනප්‍රියතම රංගන ශිල්පියාට හිමි ස්‌ලිම් ජනතා සම්මානය නොකඩවා පස්‌වතාවක්‌ හිමිකර ගත්තේද රන්ජන් විසිනි. එම සම්මානද තම සහෝදර කලාකරුවන් වෙත රන්ජන් පෙන්වූයේ සියල්ලන්ගේම අත්පොළසන් නද මධ්‍යයේය. 

උළෙලේ දී ප්‍රධාන දෙසුම මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවත්වනු ලැබීය. සම්මානනීය ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ද මෙහිදී කතා කළ අතර රන්ජන් සැමට තුති පුදමින් උළෙලේ සමාප්ති කතාව පැවැත්විය. මාධ්‍යවේදීන්ද විශාල පිරිසක්‌ ඊට එක්‌ව සිටියහ. 

තම සිනමා ජීවිතයට ආලෝකය ගෙනදුන් මාධ්‍යවේදීන්ටද රන්ජන් මෙහිදි කෘතගුණ දැක්‌වීය. උළෙලේදී පොල් තෙල් පහන දැල්වීම සිදු කළ අයුරු සහ රැස්‌ව සිටි පිරිසක්‌ද මෙහි දැක්‌වේ.



රන්ජන් මඩ නාන හැටි මෙතනින් බලන්න 

































































 
Related Posts with Thumbnails