Ads 468x60px

.

කතරගම නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසිවේ


ආණ්ඩුවේ  ප‍්‍රබලයින් ඉඩම්කට්ටි අංක 49,50,51 වෙන්කර නි.
කතරගම, තම්මැන්නාව ප්‍රදේශයේ අහඹු ලෙස නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසි විය.අද පෙරවරුවේ ආරම්භ වූ වෙන්දේසිය පස්වරු 1.30ට අවසන් විය. 


අදාළ ඉඩම පර්චස් 10  සිට 15 දක්වා ප්‍රමාණයේ  කැබලි 49 කට බෙදා වෙන්දේසි කෙරුණු අතර ඉඩම් කැබලි 6 සහ 7 ඉතා තරගකාරීව අලෙවි විය.තම්මැන්නාව ප්‍රදේශයෙන් හමුවූ මැණික් -කුරුවින්ද- පවුලට අයක් නිල් මැණික් වූ අතර එම මැණික් සම්භවය වූ ස්ථානයේ හටගත් ප්‍රාථමික නිධියක් ලෙස සැලකේ.
ස්වභාවයෙන්ම අලංකාර පැහැයකින් යුත් එම මැණික් ඔපනැංවීම සඳහා තාප පිරියම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඒවා පරීක්ෂා කළ ජාතික මැණික් හා ස්වර්ණභරන අධිකාරියේ රත්න විද්‍යාඥයින් උපුටා දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ඉඩම් වෙන්දේසියට ආණ්ඩුවේ අතරමැදි ව්‍යාපාරිකයන් විශාල පිරිසක් තරග වැඩ සිටින බවත්රත්නපුර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හිමිනමක්ද මෙම තරගය පිටුපස සිටින බවත් වාර්තාවේ.එම මැණික් ඉඩම් වෙන්දේසියට ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ඇමතිණී පවිත‍්‍රා වන්නිආරච්චි, ඩික්සන් දෑල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර යන ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ නියෝජිතයන් ද තරගවැදී සිටිති.  
කතරගම ලූණුගම්වෙහෙර තම්මැන්නාවේ මුල්ම කැබලි දහතුන රුපියල් කෝටි 19 කට අලෙවි කෙරුණු බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.මෙම වෙන්දේසියේදී මාලදිවයිනේ ශ‍්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල මහතා රුපියල් දෙකෝටියකට කැබැල්ලක් ගෙන ඇත.
 

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් ව්‍යාපාරික ජනක හේවාසිංහ මහතා කතරගම නිල්මැණික් ඉල්ලම් ඉඩමෙන් පර්චස් දහයක්  රුපියල් ලක්ෂ තිස් හයකට මිලදී ගෙන තිබේ.
 

කෙසේවුවද, ඉඩම්කට්ටි අංක 49,50,51 වෙන්දේසියට ඉදිරිපත්කර නැත. ආණ්ඩුවේ  ප‍්‍රබලයින් එම කොටස් වෙන්කරගෙන අවසන් බව ‘ලංකා ට්රුත්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.
 
Related Posts with Thumbnails