Ads 468x60px

.

කුඩම්මාගේ දඬුවම මරණයෙන් කෙළවර වෙයි

පැය 3ක් පුරාවට මිදුල පුරා දිවීමට නියම වූ දඬුවමක් මරණයෙන් කෙළවර වූ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.මෙම ඛේදනීය ඉරණමට ලක්වී ඇත්තේ සැවැනා හාඩින් නම් නව හැවැරිදි දැරියකි.



චොක්ලට් කෑම පිළිබඳව මුසාවක් පැවසීම හේතුවෙන් ඇගේ කුඩම්මා හා මිත්තණිය විසින් ඇයට මෙම දඬුවම ලබාදී ඇත.පසුගිය 17 දා සිදුවූ මෙම සිද්ධියෙන් පසුව සැවැනා දැඩි ලෙස රෝගාතුර වී ඇති ඇතැයි වාර්තා වේ.
සැවැනා රෝගාතුර වී ඇති බවට ඇගේ කුඩම්මා විසින් 911 හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇති අතර, ඇයට වහා රෝහල් ප‍්‍රතිකාර ලබා දී ඇත.

කෙසේ වෙතත්, සැවැනා පසුගිය සඳදා දින මෙලොව හැර ගියාය.සැවැනා ගේ සිරුරේ ඉතා අඩු සෝඩියම් මට්ටමක් පැවති බවත් ඇය දැඩි ලෙස විජලනයට ලක්වී ඇති බවත් මරණ පරීක්‍ෂණයෙන් හෙළි වී තිබේ.
සැවැනාට මෙම දඬුවම ලබාදුන් ඇගේ මිත්තණියට හා කුඩම්මාට ළමා අපචාර හා ඝාතන චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකෙරෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
 
Related Posts with Thumbnails