Ads 468x60px

.

ළමාවියේ තිබූ අහිසකත්වය හා සුන්දරත්වය විඳීමට පි‍්‍රයංකා ආසයි ලු

යළිත් පාසැල් යාමට කැමති බව බොලිවුඞ් නිළි පි‍්‍රයංකා චොප්රා කියයි.ඇය මෙසේ පවසා ඇත්තේ ට්විටර් පණිවිඩයක් මගිනි.මෙමගින් ඇය අදහස් කරන්නේ ළමාවියේ තිබූ අහිසකත්වය හා සුන්දරත්වය විඳීමට තමා කැමති බවයි.



ළමා වියේදී වැඩිහිටියෙකු වන තෙක් තමාට ඉවසුමක් නොතිබුණද, වැඩිහිටියෙකු වූ පසුව යළි ළමා කාලයට යාමට සිතෙන බව පි‍්‍රයංකා කියා සිටියි.පසුගිය කාලය පුරාවට පි‍්‍රයංකා පිළිබඳ කටකතා රැසක් පැතිරගිය අතර, බොලිවුඞ් පුරයේ බාද්ශාහ් ලෙස හැඳින්වෙන ශාරුක් ඛාන් හා ඇගේ පවතින ඇයි හොදැයිය පිළිබඳවආරංචි රැසක් වාර්තා විය.

වසර 2000 දී ලෝක රූ රැුජින ලෙස කිරුළු පැළඳි පි‍්‍රයංකා, ඉන්දීය රිදී තිරයට පිවිසියේ දෙමළ චිත‍්‍රපටියක් වූ තමිසාන් චිත‍්‍රපටියෙනි.අන්දාස්, ඒතරාස්, ෆැෂන් හා සාත් කූන් මාෆ් වැනි චිත‍්‍රපට වල ඇගේ රංගනය සඳහා ප‍්‍රශංසා හා සම්මාන හිමිවිය.

මීට අමතරව, ඇයකි‍්‍රෂ්, මුජ් සේ ෂාදී කරෝගී, ඩොන් : ද චේස් බිගින්ස් අගේන්, ඩෝන් 2, අග්නිපාත් හා දෝස්තානා වැනි අතිසාර්ථක චිත‍්‍රපටි සඳහාරංගනයෙන් දායක විය.

 
 
Related Posts with Thumbnails