Ads 468x60px

.

තිස්‌ස නාගොඩවිතානගේ පුත්‍ර රත්නයක වන චරිත් යුග දිවියට

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ බෙනට්‌ රත්නායක සහ සමන්මලී හේවාපන්න යුවළගේ දියණියක වූ භාග්‍යා රත්නායක සහ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු හා සංරක්‌ෂකවරයකු ද වන තිස්‌ස නාගොඩවිතාන සහ කුමාරි නාගොඩවිතාන යුවළගේ පුත්‍ර රත්නයක වන චරිත් නාගොඩවිතාන ඉකුත්දා යුග දිවියට එළැඹුණි. 


කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මෙම විවාහ මංගල්‍යයට විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. කොකා කෝලා සමාගමේ නිෂ්පාදන විධායකවරියක වන "භාග්‍යා" "ඉර හඳ යට" චිත්‍රපටයේත්, "සඳ සක්‌මන" නිම්වළල්ල ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපෑවාය. 

චරිත් තිස්‌ස නාගොඩවිතාන චිත්‍රපට සමාගමේ විධායක ලෙස සේවය කරන අතර චිත්‍රපට මාධ්‍යයට ඔහු මහත් සේ ඇලුම් කරන්නෙකි.





























































Photography by : Sagara Lakmal de Silva
 
Related Posts with Thumbnails