Ads 468x60px

.

ඊයේ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් කොළඹ දී පවත්වන ලද උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.(Photo)


කොළඹ
, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ ඔවුන් පසුව ටෙලිකොම් වටරවුම දෙසට ඉදිරියට ගමන් කල අවස්ථාවේදී පොලීසිය මෙම කඳුළු ගෑස් සහ ජල කදම්භ ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරියේය. මේ වනවිටත් පිටකොටුව  ඕල්කට් මාවතේ මංතීරු දෙකම මෙම උද්ඝෝෂණය හේතුවෙන් වසා දමා ඇත.


පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර හමුවේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළුත් කර ඇතැයි එම පක්ෂයේ සන්නිවේදන අංශ ප‍්‍රධානී මංගල සමරවීර මහතා පැවසීය.

කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කොට විරෝධතාකරුවන් විසුරුවා හැරියද ඔවුන් අතුරින් පිරිසක් යළි කොටුව දුම්රිය පළ ඉදිරිපිටට උද්ඝෝෂණයේ නිරත වුහ.

මේ හේතුවෙන් කොළඹ කොටුව  ඕල්කට් මාවත, මුළුමනින්ම අවහිර වී ඇති අතර, එම මාර්ගය භාවිතා කරන පිරිස් විකල්ප මාර්ග කරා යොමු වෙන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලා සිටී.


විපක්ෂ
නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමග  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව වාමාංශික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, නව සිහල උරුමය ඇතුලූ දේශපාලන පක්ෂ ගණනාවක්ද, නිදහසේ වේදිකාව ජනතා ව්‍යාපාරයද එක්සත් කම්කරු සම්මේලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රසය, ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා ජාතික වෘත්තිය සමිති සම්මේලනය, ලංකා ජාතික වතුකම්කරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය සහ ජාතික සෞඛ්‍ය සේවක සංගමය ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.












































 
Related Posts with Thumbnails