Ads 468x60px

.

රියදුරන් රහිත ‘ගූගල් කාර්’ අනාගතයේදී ඔබටත්

තම ආයතනයේ රියදුරන් රහිත කාරය පිලිබද අත්හදා බලීම සැතපුම් 140,000 සම්පූර්න කර ඇති බව ගූගල් ආයතනය පවසයි. ඔවුන් පවසන්නේ තම ස්වංධාවක කාරය එක් විටකදී පමනක් අනතුරකට ලක්වූ මුත් එම අවස්ථාව පවා පදිකයාගේ වරදක් වූ බවත්ය. එම අවස්ථාවේ කාරය ස්වංධාවක තත්වයේ නොව රියදුරෙකුගේ පාලනය යටතේ පැවති බවත් ගූගල් ආයතනය පවසයි. 


ගුවන් යානයක, බ්ලැක් බොක්ස්, දත්ත ‍රැස්කරන්නකට සමාන උපකරනයකින් සමන්විත මෙම වාහනය  ස්වංක්‍රීය අනාගතය පිලිබද තවත් තීර්නාත්මක හැරවුමක් වනු ඇති බවට විශ්වාසය පල වේ.

නෙවාඩා බලධාරීන් මෙම ස්වංධාවක රථයට අත්හදාබැලීමේ තත්වය යටතේ තම ප්‍රසිද්ධ මාවත් යොදාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව පලවන නවතම වාර්තා සඳහන් කරයි. ඒ අනූව රත්පැහැ අංක තහඩු යටතේ අවශ්‍ය අවස්ථාවක වාහනයේ පාලනය සියතට ගැනීමට සූදානම් රියදුරෙකුද සමහ තවත් එක් සහයකයෙකු සමග ධාවනය වනු ඇත. 

එම ප්‍රාන්ත බලධාරීන් හට තෘප්තිමත් මට්ටමක අත්හාදා බැලීම් පැමිනිය හොත් සාමන්‍ය භාවිතය සදහා මෙම නිෂ්පාදන නිකුත් කිරීමට සූදානමක්ද පවතී. එම ප්‍රාන්තයේ රෙගුලාසි අනූව සෑම විටම නාමික රියදුරෙකු යටතේ ධාවනය විය යුතු අතර වහනයේ සැසිරීමේ පූර්න වගකීම ඔහු විසින් දැරිය යුතුය.
 
Related Posts with Thumbnails