Ads 468x60px

.

අපිට පහරදීලා,කඳුළු ගෑස් ගහලා, එක ධිවරයෙක්ගේ ජීවිතය උදුරා ගත්තා.ධීවරයෝ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එලවාගනී

හලාවත ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වීමට ගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ආපසු හරි ඒමට සිදුවූ බව වාර්තා වේ.පැනනගින විරෝධය නිසා වෙනත් පාරකින් අවමගුල් උත්සවයට සහභාගී වීමට ගියත් ධීවරයන්ගේ දැඩි විරෝධය මැද්දේ ජේෂ්ඨ අමාත්‍යය මිල්රෝයි ප්‍රනාන්දු, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු,විකටර් ඇන්ටනි පෙරේරා,වයඹ පළාත් සභාවේ ධිවර ඇමති සනත් නිශාන්ත, හලාවත නගරාධිපති නීතිඥ ප්‍රසන්න ප්‍රනාන්දු යන අයට ආපසු හැරී ඒමට සිදුවිය.

 "තෙල් මිල වැඩි කරලා අපේ ධීවරයෙක් මරා දාන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.ඩිසල් හා භූමිතෙල් වල මිල වැඩි වුනාම අපි හැමෝටම බලපානවා.අපි සාමකාමී උද්ඝෝෂනයේ නිරත උනේ පැවති මිලට ඩිසල් හා භූමිතෙල් ලබා දෙන්න කියල ආණ්ඩුවට කියන්න.


අපිට පහරදීලා,කඳුළු ගෑස් ගහලා, එක ධිවරයෙක්ගේ ජීවිතය උදුරා ගත්තා.මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් මේ වනතෙක් කිසිම දෙයක් කරලා නැහැ.දැන් බොරුවට ඇවිත් අපිත් එක්ක දුක් වෙන්න ඕන නෑ. වහාම ගිහිල්ලා පරණ මිලට ඩිසල් , භූමිතෙල් දෙන්න කියල ආණ්ඩුවට කියන්න" ඒ හලාවත ධීවරයන්ගේ අදහසයි 

මේවනවිට හලාවත නගරයේ ආරක්ෂාව තරකොට තිබෙන අතර හමුදා සෙබළුන් 1500 කට අධික ප්‍රමාණයක් රඳවා තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා විපක්ෂ නායකතුමාට ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට පැමිණීමට කිසිදු බාධාවක් තිබී නැහැ.



විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවමගුල් උත්සවයට සහභාගී වූ අවස්ථාවේ වීඩියෝ හා ජායාරුප පහතින් බලන්න 



























































ජායාරූප හා වීඩියෝ : ජයසංක ප්‍රනාන්දු  

 
Related Posts with Thumbnails