Ads 468x60px

.

දුමින්ද සිල්වාගේ සුවදුක් බැලීමට ජනාධිපතිවරයා මව්න්ට් එලිසබත් රෝහලට

ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ගතකල දින දෙකෙහි වෛද්‍ය පරීක්ෂන සඳහා දෙවරක්ම මව්න්ට් එලිසබත් රෝහලට ගොස් ඇති අතර ඒ දින දෙකෙහිම එම රෝහලේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බැලීමටද ගොස් තිබේ. 


ජනාධිපතිවරයා එහි ගිය දෙවතාවේදීම දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සොයුරු ඒ.බී.සී නාලිකා ප‍්‍රධානී රේනෝර් ද සිල්වා මහතාද එහි සිට ඇත. මෙම අවස්ථාවේදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා සමග අපහසුවකින් තොරව කතාබහ කර ඇති බවද වාර්තා වේ.

මුලූමනින්ම යථා
තත්වයට පත් නොවුනද දුමින්දට ලඟදීම තම වැඩකටයුතු කරගෙන යෑමේ හැකියාව ලැබෙනු ඇතැයි එහි සිටි වෛද්‍ය විශේෂඥයින් ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.

වෛ
ද්‍ය පරීක්ෂණවලින් සහ එරට රජයේ ප‍්‍රධානීන් හමුවීමෙන් පසු ජනාධිපතිවරයා අද යළි ශ‍්‍රී ලංකාවට පැමිණි අතර රේනෝර් ද සිල්වා මහතාද ජනාධිපතිවරයා පැමිණි විශේෂ ගුවන් යානයේ පැමිණ තිබේ.
 
Related Posts with Thumbnails