Ads 468x60px

.

රේණුකා හා සෝමරත්න යුවල සහ ‘කුසපබා’ගේ ප‍්‍රසිද්ධ රහස

චිත‍්‍රපට තිරගත කිරීම සඳහා නිසි ක‍්‍රමවේදයක් නොමැතිවීම මෙරට සිනමා ක්ෂේත‍්‍රයේ මේ වන විට උද්ගතව ඇති දරුණුතම ගැටලුව බව ලාංකේය සිනමාව රැකගැනීමේ සංවවිධානය කියයි.


එම
සංවිධානය පසුගියදා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකචඡා කර ඇතැයිපැවසේ. අදාල සාකච්ඡාවේදී යම්කිසි ක‍්‍රමවේදයකට අනුව ඉදිරියේදී චිත‍්‍රපට තිරගත කිරීමට සේරසිංහ මහතා ඔවුන්ට පොරොන්දුවූ බවද වාර්තා වේ.

මෙම
සංවිධානයට චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකයින්, කාර්මිකයන් හා නළු නිළියන් ඇතුළත්ව සිටිති. චිත‍්‍රපට තිරගත කිරීමේදී පෝලිම් පනින නිර්මාණකරුවන් ලෙස රේණුකා බාලසූරිය හා සෝමරත්න දිසානායක යන දෙදෙනාට මේවන විට දැඩි චෝදනාවක් එල්ලවී තිබේ.
 
ඔවුන් නිෂ්පාදන දායකත්වය සැපයූ ‘කුසපබා’ චිත‍්‍රපටය රූගත කරන ලද්දේ පසුගිය වසරේදී වන අතර එය මේ වසරේ ජනවාරි මාසයේදී ප‍්‍රදර්ශනය ආරම්භ කරනු ලැබ්වේ තිරගතවීමේ චිත‍්‍රපට පොලිම පණිමින් බව පැවසේ.මෙසේ ‘කුසපබා’ ජනවාරි මාසයේදී තිරගත කිරීමට හේතුවූයේ පාසල් දර්ශන ඉලක්කකර ගනිමින් බවද වාර්තා වේ.

පළමු
පාසල් වාර්යේදී පාසල් දරු දැරියන් විනෝද චාරිකාවකට හෝ චිත‍්‍රපටයක් නැරඹීමට ගෙනයාමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසරයක් ලබාදී ඇති අතර එය ප‍්‍රයෝජනයට ගැනීමට ‘කුසපබා’ ජනවාරියේ ප‍්‍රදර්ශනය කළ බව මේ වන විට ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත.

එහි
තවත් වාසියක් ලබා ගනිමින් ‘කුසපබා’ පාසල් දරුවන්ට සුදුසු චිත‍්‍රපටයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්දේශයක්මේ වන විට ලබාගෙන ඇතැයි පැවසේ.චිත‍්‍රපට පෝලීම මෙන්ම ටෙලි නාට්‍ය පෝලිම මුළින්ම පණිනු ලැබුවේද මේ යුවල විසින් බවටද චෝදනා එල්ලවී තිබේ.

එසේම
පසුගිය කාලයේදී ඉන්දීය නළු නිළියන් සිංහල චිත‍්‍රපට සඳහා යොදා ගැනීම දරුණු ලෙස විවේචනය කළ රේණුකා හා සෝමරත්න යුවල ‘කුසපබා’ සඳහා පූජා යොදා ගැනීම මොවුන් දෙදෙනාගේ කබරගොයා තලගොයා බවට පත්කර ගැනීමේ නියාය ප‍්‍රදර්ශනය කරන්නක් බව චිත‍්‍රපට ප‍්‍රවීනයෝ කියති.
 
Related Posts with Thumbnails