Ads 468x60px

.

සිරස වික්ටර්ගේ දරුවන් සතුරන් කරන නෑ - නෙළුම්

(දෙවැනි සංස්කරණය )  
සිරස නිසා ප‍්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ පුතුන් අතර ගැටුමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.මෙම තත්ත්වය ඇතිවී ඇත්තේ ලබන 18 වැනිදාට යෙදී ඇති වික්ටර්ගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ලබන 19 වැනිදාට සිරස විසින් රත්මලානේ ස්ටයිම්ස් සුටුඩියෝහි ‘සිහින හතක්’ නමින් සංගීත සැදෑවක්  පැවැත්වීමට නියමිත බැවිනි.



‘සිහින හතක්’ සංගීත සැදෑවට සංගීතය සපයන්නේ වික්ටර්ගේ කණිටු පුත් නෙළුම් රත්නායක විසිනි.කෙසේවුවද මෙතෙක් කාලයක් වික්ටර්ගේ ‘සා’ ප‍්‍රසංගය සංවිධානය කරනු ලැබුවේ වික්ටර්ගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායකය.


සිරසේ නව ප‍්‍රසංගය හේතුවෙන් ජයන්ත මෙතෙක් සංවිධානය කළ ‘ස’ ප‍්‍රසංගය වෙනුවෙන් ගොඩනගාගෙන තිබු ප‍්‍රසාදය විනාශයට පත්වීම සම්බන්ධයෙන් ජයන්ත පසු තැවිල්ලෙන් සිටින බවද පැවසේ.කෙසේවුවද වික්ටර්ට මින් දරුවන් සතුරන්වීම හැර වෙනත් පාඩුවක් නැතැයිපැවසේ.


‘ස’ ප‍්‍රසංගයට වඩා වැඩිමිලක් ‘සිහින හතක්’ වෙනුවෙන් වික්ටර්ට ලැබීම ඊට හේතුවයි.


සිරස වික්ටර්ගේ දරුවන් සතුරන් කරන නෑ - නෙළුම්
මේ සම්බන්ධයෙන් සුහද කතාබහක් ලබාදුන් නෙළුම් රත්නායක කියා සිටියේ සිරසේ ‘සිහින හතක්’ නමින් වන සංගීත සැදෑව හේතුවෙන් තම පවුලේ ආරවුලක් ඇතිවී නැති බවයි.


හෙට (18) පෙරවරුවේ සිය පියාගේ 70 වැනි උපන් දිනය වෙනුවෙන් පේරාදෙණිය සරසවියේ ඉන්ජිනේරු පීඨයේදී කැසට් පටයක් දොරට වඩින බවත් එම අවස්ථාවට තම සහෝදරයා වන ජයන්ත රත්නායකත්, තම සහෝදරියන් දෙදෙනාත් එක්වන බවද ඔහු කීය.
 
Related Posts with Thumbnails