Ads 468x60px

.

ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි!!

ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ. පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී. 


මීට වසර දහස් ගණනකට පෙර සිටුවන ලද දැවැන්ත ගල් කණු පවා බිමට සමතලා කරමින් සිදුකරන මෙම විනාශකාරී ක්‍රියාව එහි යන ඕනෑම කෙනෙකුට මේ මොහොතේදීත් දැකබලා ගත හැකිය.

පුරාවිද්‍යාත්මක අතින් විජයාගමනයටත් පෙර පූර්ව ඓතිහාසික යුගයක් දක්වා දිවෙන කාලයකට අයත්වන පුරාවස්තූන් හා නටබුන් සහිත මෙම භූමිය මේ ආකාරයෙන් විනාශ කරන්නට ඉඩදී බලාසිටීම ජාතික අපරාධයකි. මෙහි ඇති පුදුමය නම් මේ විනාශය සිදුකරන්නේ කවුරුන් විසින්දැයි කිසිවෙකු නොදැන සිටීමයි. 

පරම විචිත්‍රාරාම පුරාණ විහාරය, දෙවිනුවර.  දුරකථන 041-2222528
දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.  දුරකථන 041-2220113
බස්නායක නිලමේ ඩිශාන් වික්‍රමරත්න ගුණසේකර මහතා.












විශේෂ ස්තුතිය : දෙනුවන් චාමර රණසිංහ
 
Related Posts with Thumbnails