Ads 468x60px

.

ආණ්‌ඩුවේ සෝබනය හා නාස්‌තිය නවතා දැමිය යුතුයි

ඩීසල් - 99 ට, පෙට්‍රල් - 110ට
භූමිතෙල් -89 ට දීමට පුළුවන්
 ඛනිජ තෙල් සංස්‌ථාවට ලාභද තබා ගනිමින් ඩීසල් ලීටරයක්‌ රුපියල් 99 කටද පෙට්‍රල් ලීටරයක්‌ රුපියල් 110 කට සහ භූමිතෙල් ලීටරයක්‌ රුපියල් 89 කටද ලබාදීමට රජයට හැකියාව ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ 14 වැනිදා පැවැසීය.


එවැනි මිලකට ඉන්ධන විකුණුවද රජයට ඩීසල් පෙට්‍රල් සහ භූමිතෙල් ලීටරයකින් පිළිවෙළින් 22% ක්‌, 30% ක්‌, සහ 16% ක ලාභයක්‌ ලැබිය හැකි බවද අත්තනායක මහතා සඳහන් කළේය.

රජය ඉන්ධන මිල වැඩි කොට මහජනතාව මත බර පැටවුව ද තවම මෙරට පවතින්නේ පරණ මිල ගණන් වලට මිලදී ගත් තෙල් තොග බව ද හෙතෙම කීය.

වත්මන් රජයේ ඇති සෝබනය, නාස්‌තිය සහ දූෂණය වහාම නවතා දැමිය යුතු බවත් ඉන්ධන මිල ඉහළ දැමීම රජය වහා හකුලාගත යුතු බවත් අත්තනායක මහතා කියා සිටියේය.

විදේශයෙන් මෙරටට ඉන්ධන ගෙන එන බැවින් එම ඉන්ධන විකුණා සංස්‌ථාව පාඩු ලබන්නේ එහි ඇති අකාර්යක්‍ෂතාව නිසා බවද හෙතෙම පැවැසීය.

එක්‌සත් ජාතික පක්‌ෂ රජය සමයේ ඉන්ධන වලින් ලබා ගන්නා ආදායම 25% ට අඩුවෙන් තබා ගැනීමට හැමවිටම ක්‍රියා කළ බවද කී ඒ මහතා වත්මන් රජය එසේ නොකොට මහා පරිමාණයෙන් මහජන මුදල් ගසාකමින් සිටින බවද කියා සිටියේය.
 
Related Posts with Thumbnails