Ads 468x60px

.

විදුලි බිල්පතටත් කරන්ට් එක වදියි

අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව අනුමැතියදී තිබේ. ඒ අනුව කිලෝවොට් බිංදුවේ සිට 30 දක්වා ඒකක වෙනුවෙන් සියයට 25 ක් ද,  31 සිට  60 දක්වා සියයට 35 ක් ද 61 කට වැඩි ඒකක සඳහා සියයට 40 ක්වශයෙන් මෙම ඉන්ධන ගැලපුම් ගාස්තුව විදුලි බිලට එක්වනු ඇත.


එහෙත්
සංචාරක ව්‍යාපාරවලට අදාළ හෝටල්වලට සහ කර්මාන්ත සඳහා අනුමත කොට ඇත්තේ සියයට 15 ක ඉන්ධන ගැලපුම් ගාස්තුවකි. අද කොළඹ පවතී  මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්සකොස්තා මහතා මේබව සදහන් කළේය.

එසේම
ඉදිරිකාලයේදී යළිත් ඉන්ධන මිලෙහි ඉහළ යාමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව මෙම ගාස්තු යළි ඉහළ යාහැකි බව ද ඔහු එහිදී අවධාරණය කළේය.විදුලි උත්පාදනය සදහා වැය කිරීමට සිදුව ඇති අධික පිරිවැය හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව කොස්තා මහතා මෙහිදී පැහැදිලි කළේය.

පසුගිය දින කීපයේදී ඩීසල් මිල 37%කින් හා බස් ගාස්තු 20% කින් වැඩිවූ අතර විදුලි බිලත් 40%කින් වැවීම නිසා ජනතාව නොසතුටට පත්වී තිබෙනවා.යුද්ධයක් නොවපතින තත්ත්වය තුළ අනවශ්‍ය සැණකෙළි සඳහා කෝටි ගනන් මුදල් නාස්ති කෙරෙද්දි ජනතාවට කිසිදු සහනයක් නොලැබීම ගැන ජනතාව රජයට සිය අප්‍රසාදය පල කරනවා.

පසුගියදා අවසන්වූ දැයට කිරුල සඳහා රුපියල් කෝටි 2,100ක් වියදම් කළ බවටත්, පසුගිය වසරේ මුල් මාස 6 තුළ ඇමතිවරුන්ට වාහන ගැනීම සඳහා රුපියල් කෝටි 1,454ක් වියදම් කර ඇති බවටත් රජයට චෝදනා එල්ල වෙනවා.


 
Related Posts with Thumbnails