Ads 468x60px

.

වැසිකිළියක් නැති නිසා මනාලිය ගෙදර ගිහින්

වැසිකිළියක් කළ හදියක්. වැසිකිළියක් නොමැති වීම හේතුවෙන් සිය සැමියාගේ නිවසෙන් පිටව ගිය මනාලියක් පිළිබඳව ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් වලින් වාර්තා වේ.ඇනීටා නාරේ හා ශිවරාම් විවාහ වූයේ පසුගිය මැයි මාසයේදීය. එහෙත් විවාහයෙන් දින 2කට පසුව ඇය සැමියා ගේ නිවස හැර ගියේ එහි වැසිකිළියක් නොමැති බැවිනි.


දෛනික වැටුප් ලබන තමා හට නිවසේ වැසිකිළියක් තැනීමට මුදල් නොමැති යැයි ශිවරාම් පවසන බව මේ පුවත වාර්තා කරන බීබීසී ලෝක සේවය සඳහන් කරයි.කෙසේ වෙතත් ඉතිරි කරගත් මුදල් වලින් හා ගම්සභාව විසින් ලබාදෙන ලද ආධාර උපයෝගී කරගනිමින් ඔහු නිවසේ වැසිකිළියක් තනා ඇති අතර, මේ සඳහා දින 08ක් ගතවී ඇත.

වැසිකිළියක් තනා අවසන් වූ පසුව ශිවරාම්ගේ මනාලිය යළි ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, සිය සැමියාට වැසිකිළියක් තැනීමට බල කළ ඇනීටාගේ ඍජු තීරණය හේතුවෙන් එක් රාජ්‍ය නොවන සංවිධානයකින් ඇයට ඇමෙරිකානු ඩොලර් 10,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇතැයිවිදෙස් වාර්තා සඳහන් කරයි.

තවමත් සනීපාරක්‍ෂක පහසුකම් නොමැති ඉන්දීය වැසියන් බිලියන 0.5ක් සිටින බව බීබීසී ලෝක සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

 
Related Posts with Thumbnails