Ads 468x60px

.

ප‍්‍රදීපාගේ හෙළි නොවුන ප‍්‍රසිද්ධ රහස

ප‍්‍රවීන ගායන ශිල්පිනී විශාරද ප‍්‍රදීපා ධර්මදාස වසර හතරකට පසුව සංයුක්ත තැටියක් එළි දැක්වීමට සූදානම් වන බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි. කෙසේවුවද මෙම සංයුක්ත තැටිය ඇය නම් කර ඇත්තේ ‘හැන්දෑවට කලින් එන්න’ ලෙසයි. මේ ආයාචනය කර ඇත්තේ සිය සැමියා වන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට බව මේ වන විට ක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේ.


කෙසේවුද
ප‍්‍රදීපා මේ සම්බන්ධයෙන් මාධ්‍යට කියා තිබුණේ එම ගීත රචනාවේ අලුත් බවක් තිබෙන බැවින් එය එලෙස නම් කළ බවයි. මෙම අතර ප‍්‍රදීපාගේ සංයුක්ත තැටියට සැමියා වන ඩලස් අලහප්පෙරුමද ගීත රචනයෙන් එක්වී තිබීම විශේෂිතය.

ඊට
අමතර, මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශී‍්‍ර විජේසිංහ, මහින්ද චන්‍ද‍්‍රසේකර, බන්දුල නායක්කාරවසම්, වසන්තකුමාර කොබවක, කපිල කුමාර කාලිංග, විජිත කණුගල, රජීව් වසන්ත වෙල්ගම, රත්මලේ බන්දුල ගුණවර්ධ, නෙළුම් මුදලිගේ හා පියුමි බොරලැස්ස මේ සඳහා ගීත සපයා තිබේ.

තනු නිර්මාණයෙන් මේ සඳහා ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, මහින්ද බණ්ඩාර, කළණි පෙරේරා, සුරේෂ් මාලියද්ද, රොෂාන් ප‍්‍රනාන්දු, ඉන්‍ද‍්‍රජිත් මිරිහාන, සුමුදු ගුරුගේ, නදීක ගුරුගේ, රවි අල්ත්ගේ හා අසේල බණ්ඩාර යන අය සහයවී සිටිති.


මෙම සංයුක්ත තැටිය ලබන පෙබරවාරි 18 වැනිදා පස්වරු 6.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රගහලේදී එළිදැක්වීමට නියමිතය.
 
Related Posts with Thumbnails