Ads 468x60px

.

ඉන්ධන මිල හලාවත ධීවරයෙක් බිලිගනී - තවත් අයෙකුට අසාද්‍යයි

ඉන්ධන මිල පහත හෙලන ලෙස බලකරමින් හලාවත ධීවරයන් මාළු වෙලදපොල ප්‍රදේශයේ සිට නගරය දෙසට පැමිණි පාගමනට පොලිසීය කදුළුගෑස් ප්‍රහාරයක් එල්ලකර, වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු දැඩි අසාද්‍ය තත්වයට පත්ව ඇතැයි  වාර්තා වේ.


ආණ්ඩුව
විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හලාවත වෙරළ ගම්මානයේ පැවති ධීවර උද්ඝෝෂයට පොලීසිය අද (15) පෙරවරුවේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

විරෝධතාවයක
යෙදුන උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීම සදහා මෙම ගැස් ප්‍රහාරය එල්ලකළ බව පොලිසිය පවසයි. ඊයේ මීගමුවේ ධිවරයින්ටද කදුළු ගැස් ප්‍රහාරයක් එල්ලවීය.

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව හලාවත නගරයේ පැවති මෙම විරෝධතාවකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. එම වෙඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ඉන්ධන මිල පහත හෙලන ලෙස බලකරමින් හලාවත ධීවරයන් මාළු වෙලදපොල ප්‍රදේශයේ සිට නගරය දෙසට පැමිණි පාගමනට පොලිසීය කදුළුගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් අනතුරුවයි වෙඩි තබා තිබෙන්නේ.

ඊයේ මීගමුවේද මෙලෙස උද්ඝෝෂනයකට පොලීසිය කඳුළු ගෑස් එල්ල කර තිබුණා.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න...




 
Related Posts with Thumbnails