Ads 468x60px

.

නිරුවතින් විරෝධතා පාන යුක්රේන තරුණියන් (පින්තූර)

උඩුකය නිර්වස්ත‍්‍ර යුක්රේන තරුණියන් මොස්කවිහි Gasprome ගොඩනැගිල්ල ඉදිරිපිට රුසියාවේ ගෑස් ජවාරම නවත්වන්නයැයි සටන් පාඨ දක්වන ප‍්‍රදර්ශණ පුවරුද රැගෙන සටන් පාඨ කියමින් විදි පුරා උද්ඝෝෂණ පැවැත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇතැම් පිරිස් පිහි රැගෙන තම හිසකෙස් කපා දමමින් වීදි දිගේ සටන් පාඨ කියමින් කෑගැසූ අතර  එක් තරුනියක් ගොඩනැගිල්ලේ පිරික්සුම් මැදිරියේ වහලයට නගිමින් යුක්රේනයේ ධජය වනමින් තම විරෝධය පල කර ඇති බවත් ඇය දැනට ප‍්‍රදේශිය පොලිස් ස්ථානය රැදවුම් භාරයේ සිටින බවද එම වාර්තා පවසයි.

අගමැති ව්ලැඩිමියර් පූටීන් විසින් රුසියාවේ ගෑස් ඒකාධිකාරය මත යැපීමට යුරෝපා රටවල් මෙහෙයවන බවට ඔවුන් මෙහිදී චෝදනා කරයි. යුක්රේනය ඇතුළු යුරෝපා රටවල අධික ශීතල සම`ග රුසියාවේ ගෑස් ත‍්‍රස්තවාදය ඇරඹීම ඉතාමත් දුෂ්ඨ ක‍්‍රියාවක් බවට ඔවුන් පෙන්වා දෙයි. මන්ද ඔවුන් ශීත උෂ්ණත්වයට මුහුණදීම සිදුවූයේ මෙම ගෑස් සැපයුම හරහාය.

රුසියාවේ ගෑස් බලපෑමණිමිල ඒකාධිකාරයණිජාතික ගෑස් පරිවහනය පවරා ගැනීමණිරුසියාවේ ගෑස් මත යැපෙන රටවලට බලපෑම් කිරිම ආදී හේතු කීපයක් මෙම නොසන්සුන්කාරි තත්වය ඇති වීමට හේතු වි ඇති බවට මාධ්‍ය වාර්තා කරුනු දක්වයි.











 
Related Posts with Thumbnails