Ads 468x60px

.

රොෂේන් සමරුවට 5000කට අධික පිරිසක්

සෑම වර්ෂයකම මැයි 30 වෙනිදා රොෂේන්ට උපහාර දක්වන දිනයක් වෙනවා...

සැබෑ විශ්‍රාම වැටුපක් දිනා ගැනීමේ සටන, අරගලය දියත් කරනවා...

EPF/ETF අරමුදල රැකගැනීමේ අරගලයේදී ඝාතනය වූ සෙවක රෝෂේන් චානක මහතාගේ පළමු වර්ෂ පූර්ණ සැමරැම අද (30) කටුනායක ඇවරියවත්ත ඔරලෝසු කණුව අසලදී අති සාර්ථකව පැවැත්වීණි. 


මෙම සමරු උලෙල සඳහා රොෂේන් චානගේ පියා, බාල සොහොයුරා, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමර සිංහ මහතා ජානක අධිකාරී මහතා සහ 5000කට අධික සේවක සේවිකාවන් පිරිසක් සහභාගීවී සිටියහ.

එම සමරුව පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වීර දිනයක් ලෙස සලකන බව එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමරසිංහ මහතා පවසා සිටියේ "රොෂේන්ගේ සටන තවදුරටත් ඉදිරියට ගෙන යමින් EPF/ETF අරමුදල මංකොල්ල කෑමේ අරමුණෙන් ගෙනා විශ්‍රාම වැටුප් ‍පනත පරාජය කලා වගේ මෙතැන් සිට පුද්ගලික අංශයේ සේවකයාට සැබෑ විශ්‍රාම වැටුපක් දිනා ගැනීමේ අරගලය අපි ආරම්භ කරනවා.

සෑම වර්ෂයකම මැයි 30 වෙනිදා රොෂේන්ට උපහාර දක්වන දිනයක් වෙනවා. පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වීර දිනයක් විදිහට සමරනවා. ලබන පළමුවැනිදා සිට (ජුනි 01) සැබෑ විශ්‍රාම වැටුපක් දිනා ගැනීමේ සටන, අරගලය දියත් කරනවා" යනුවෙනි.

රොෂෙන් චානක සමරුපළකයට පැමිණ සිටි පිරිස මහත් උනන්දුවකි පුෂ්පෝපහාර දැක්වූහ.



 
Related Posts with Thumbnails