Ads 468x60px

.

දැන් වාහනය එලවන ගමන් කෝල්ස් ගන්න, වටපිට බලන්නට පුළුවන්

ස්වයංකී‍්‍රයව ධාවනය කල හැකි මෝටර් රථය සාර්ථකයි...

දුරකතන සංවාදවල යෙදෙමින් රිය පැදවිම ලොව බොහෝ රටවල දඩයක් අයකරගන්නා වරදකි. ශි‍්‍ර ලංකාවේදී එය බොහෝ විට අධිකරණ කි‍්‍රයාවලියකින් දඩුවම් ලැබිය හැකි වරදකි.


එනමුත් දැන් රියදුරන් හට සිය මෝටර් රථය ධාවනය කරමින් දුරකතන සංවාදවල යෙදෙන්නට, වටපිට බලන්නට අවස්ථාවක් උදාවෙමින් පවති.


ලෝ සුපතල වොල්වෝ සමාගම සිය නවතම නිෂ්පාදනය වන ස්වයංකී‍්‍රයව ධාවනය කල හැකි මෝටර් රථය පසුගියදා ඉතාමත් සාර්ථකව අත්හදා බැලීය.


නියමු රථයක උපදෙස් මත පරීක්ෂණ ධාවනයේ යෙදවූ ස්වයංකි‍්‍රය මෝටර් රථ 3 ක් සැතපුම් 125 ක දුරක් පැයට සැතපුම් 52 ක වේගයකින්  ධාවනය වූ අතර  කාර්යබහුල මාර්ගයක සිදුකල මෙම පරික්ෂණ ධාවනය සිය ව්‍යාපෘතියේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වූ බව වොල්වෝ සමාගමේ ව්‍යාපෘති කළමණාකාරිනි ලින්ඩා වොල්ස්ට්‍රෝම් පවසයි.
 
Related Posts with Thumbnails