Ads 468x60px

.

ඉන්ක්‍රෙඩිබල් හල්ක් ට අපූරු ඇබැද්දියක්

තීන්ත වර්ගයක් ආලේප කර ඉවත් කිරීමට නොහැකි වෙලා...
දින 2ක් පුරාවට විසි වතාවක් පමණ ස්නානය කරලා...

උත්සවයක් සඳහා ප‍්‍රවීන චිත‍්‍රකතා තරුවක් වන ඉන්ක්‍රෙඩිබල් හල්ක් ලෙස සැරසුන පුද්ගලයෙක් ට වූ අපූරු ඇබැද්දියක් පිළිබඳව බ‍්‍රසීලයෙන් වාර්තා වේ.



ඉන්ක්‍රෙඩිබල් හල්ක් ලෙස සැරසීමට පාවුලෝ හෙන්රික් දො සැන්ටොස් නැමැති මෙම පුද්ගලයා වසින් සිරුරේ කොළ පැහැ තීන්ත වර්ගයක් ආලේප කර ඇති අතර, උත්සවයෙන් පසුව මෙය ඉවත් කිරීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

මෙම චිත‍්‍රකතා රුව ලෙස කලින් අවස්ථාවකදී සැරසුනු විටදී සිරුරේ ආලේප කිරීමට යොදාගත් කොළ පැහැ තීන්ත වර්ගය ලබාගැනීමට නොහැකි වීමෙන් අනතුරුව පාවුලෝ වෙනත් තීන්ත වර්ගයක් යොදාගෙන ඇත.

මෙලෙස යොදාගත් තීන්ත වර්ගය සබ්මැරීන හා බැලිස්ටික් මිසයිල පින්තාරු කිරීමට යොදාගන්නා වර්ගයක් බව පාවුලෝ දැනගන්නා විට සිද්ධිය වී හමාරය.දින 2ක් පුරාවට විසි වතාවක් පමණ ස්නානය කළ ද මෙම තීන්ත ඉවත් ව ගොස් නැත.

කෙසේ වෙතත් ඔහුගේ යාළු මිත‍්‍රාදීන් ගේ සහයෙන් පැය 24 පමණ ඇඟ අතුල්වා නෑමෙන් පසුව මෙම තීන්ත ඉවත් කිරීමට සමත්වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.මෙම තීන්ත විෂ වේ යැයි මත පල වී තිබුණද, පාවුලෝ සුවෙන් සිටින බව වාර්තා වේ.

 
Related Posts with Thumbnails