Ads 468x60px

.

රටට විරුද්ධව මඩ ප්‍රචාර කරන වෙබ් අඩවි අටකින් රට ඉදිරියට යන ගමන විකෘති කරනවා - ජනපති

මේ වෙබ් අඩවි 08 ම කරන්නේ එක පුද්ගලයෙක්...

රටට වින කරන වෙබ් අඩවි 8 ක් තිබෙන බවත්, එම වෙබ් අඩවි 08 ම කරන්නේ එක පුද්ගලයෙක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. 


මේ දිනවල තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පැවැසුවේ තායිලන්තයේ බැංකොක් නුවර ශාන්ත රෙජිස් හෝටලයේ දී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරේදා (29) හමුවූ අවස්ථාවේදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසිය.

පහුගිය අවරුදු 30 ක කාලයක් අපේ රටේ තිබ්බ ත්‍රස්තවාදය අවසන් කරලා අද රට සියලු ජාතීන්ට සිංහල වේවා ඉස්ලාමිය වේ වා ජාතීන්ට එකමුතුව එකම රටක් තුල සහයෝගීත්වයෙන් ජිවත් වීමේ පරිසරයක් ගොඩ නගා තිබෙනවා.

ශ්‍රී ලංකාව අද 8.3% වර්ධන වේගයක් පවත්වාගෙන යනවා. පහුගිය අවරුදු දෙකේම 8% කට වඩා වර්ධන වේගයක් පවත්වාගැනීමට හැකි වුනා. උතුරේ සංවර්ධනය 22% වැඩි වෙලා තියෙනවා කිව්වම, එකෙන්ම  පේනවා අපි මොන තරම් වැඩ කොටසක් උතුරට කරලා තියෙනවද කියල.

එහෙත්,  අපි ඉදිරියට යන ගමන විකෘති කරන සමාජයක් අද තියෙන්නේ.
එකම ආයතනයකින් වෙබ් අඩවි 08 ක් පාලනය කරනවා. ශ්‍රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය කරන්නේ.  මඩ ප්‍රචාර, රටට විරුද්ධව කරන ප්‍රචාර තමයි මේවායේ තියෙන්නේ. පිටරැටියන්ට ලංකාව පිළිබඳ තොරතුරු ගන්න තියෙන්නේ මේ වබේ අඩවි. මේවා මගින් ලංකාව පිළිබඳ වැරදි චිත්‍රයක් මවන්න උත්සහ ගන්නවා..”යයිද ජනාධිපතිවරයා පැවසිය.
 
Related Posts with Thumbnails