Ads 468x60px

.

යොවුන් නළු නිළියෝ පාපැදි සවාරියක

පරිසර දිනය හැඩ කරන නළු නිළි පාපැදි සවාරිය ජූනි මාසයේ 05 වැනිදා...

මේනක, නෙහාරා, පියුමි, කංචන, උපේක්ෂා, නදීශා, සාරංග, ගයාන් කියන යොවුන් නළු නිළියෝ කිහිප දෙනා පාපැදි සවාරියක් යන්න සූදානමින් ඉන්න වග ආරංචි වුණා.

මොකක්ද මේ පාපැදි සවාරිය කියලා අපි මේනකගෙන් ඇහුවා.


‘ජූනි මාසයේ 05 වැනිදා ලෝක පරිසර දිනය වෙනුවෙන් තමයි මේ පාපැදි සවාරිය ආරම්භ කරන්නේ. මේ පාපැදි සවාරිය නම් කරලා තිබෙන්නේ හරිත පාපැදි සවාරිය නමින්.

පාපැදි සවාරිය ආරම්භ කරන්නේ ජූනි මාසයේ පළමුවැනිදා උදේ 8.30 ට නෙළුම් පොකුණ පරිශ්‍රය අසලින්. මේ පාපැදි සවාරියේ අපූරු විශේෂත්වයක් තිබෙනවා. ඒ මේ සඳහා අපි වගේම තවත් යොවුන් රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම සංගීත ශිල්පීන්, දේශපාලනඥයෝ, ක්‍රීඩකයෝ, මාධ්‍යවේදියෝත් විශේෂ ආරධිත අමුත්තන් ලෙස සහභාගි වෙනවා. විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්, ආරක්ෂක අංශයේ නිලධාරීන්, පෞද්ගලික සමාගම්, විවිධ සංගම්, පාසල් සිසුන් මේ සවාරියට ඇතුළත්.


මේනක කිව්වේ පාපැදි සවාරිය යන්න දිගු ගමනකට මුල පුරමින්.
මේනක ඇතුළු ඒ පිරිසත් සමඟ හේමාල් රණසිංහ, කාවිංග පෙරේරා, මේනකා පීරිස්, නදීෂා ස්වර්ණමාලි, ලෝචනා ඉමේෂි, නාරද බක්මීවැව, පුෂ්පිකා සඳමාලි, සුනෙත්, ගාමින්ද, සුදු මල්ලි, සුදත්ත තිලකසිරි, භාතිය සන්තුෂ්, ලහිරු පෙරේරා, රොමේෂ් සුගතපාල, ප්‍රබෝධ මෙන්ඩිස්, ලක්ෂිත සුපුන් කියන කලා ලොවේ දිදුලන තරුත් මේ අතර සිටිනවා.


එදිනට මේ හරිත පාපැදි සවාරිය සුන්දර කරන්න අනුර ප්‍රියදර්ශන යාපා, නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, ඩිලාන් පෙරේරා, නියෝමාල් පෙරේරා, ශාන්ත බණ්ඩාර, දුමින්ද දිසානායක, විනයාගමූර්ති මුරලිදරන්, තාරානාත් බස්නායක, සචින් වාස්, අරුන්දික ප්‍රනාන්දු, උදිත් ලොකු බණ්ඩාර, බුද්ධික පතිරණ, ලොහාන් රත්වත්තේ, වසන්ත සේනානායක, ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර කියන තරුණ වියට වගේම මැදි වයසට එළැඹුණු දේශපාලඥයන් ද සහභාගි වේවි.

සනත් ජයසූරිය, දමයන්ති දර්ශා, යෝෂිත රාජපක්ෂ, තිළිණි ජයසිංහ කියන ක්‍රීඩා තරුත් එදාට එන්න සූදානම් වෙනවා.

මේසා විශාල කටයුත්තක් කෙරෙන ජගත් පරිසර දිනයේ මෙවර තේමාව වන්නේ Green Economy: Does in Include You?යන්නයි.
මේ කාලවකවානුවේ තාක්ෂණික දියුණුවත් සමඟ ස්වභාවික බලශක්ති ප්‍රභවය වේගයෙන් ක්ෂය වෙමින් පවතිනවා.

ඒ නිසා පරිසරය සුරක්ෂිත කර ගනිමින් ස්ථිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ගල් අගුරු, ඛනිජ තෙල් අර්බුදයට විකල්පයක් ලෙස පාපැදි ප්‍රචලිත කිරීමේ අරමුණත් මෙම පාපැදි සවාරිය සතුයි. එපමණක් නොවෙයි වඩාත් සෞඛ්‍යමය හා නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමටත් යොමු කිරීමත් මෙහි තවත් අරමුණක්.

නෙළුම් පොකුණ පරිශ්‍රය අසලින් ඇරැඹෙන මෙම ගමන අවසන් වන්නේ කොළඹ රාජකීය විද්‍යාල භූමියෙන්.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කර ගනිමින් පරිසර දිනයට සමගාමීව ‘සොබා - 2012’ පාරිසරික ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ජූනි මාසයේ 05 සහ 06 දිනයන්හි කොළඹ රාජකිය විද්‍යාල පරිශ්‍රයේදී.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතාගේ සංකල්පයකට අනුව එළි දකින ‘සොබා - 2012’ ප්‍රදර්ශනය සඳහා තේමා වෙන්නේ පාසල් දරුවාගේ ආකල්ප හැඩ ගැස්වීමයි. අදාළ කුසලතා ඔප් නැංවීමයි.

ජාතික දැනුමකට දැනුවත් කිරීමයි. ඊට අමතරව පාසල් දරුවන් හරහා හරිත ආර්ථික සංකල්පය පුළුල් සමාජයට ගෙන යෑමක් ද වෙනවා.
සෑම වර්ෂයකම ජූනි මස 05 වැනිදා ලෝක පරිසර දිනය බව කියමින් ප්‍රකාශයට පත් කළේ එක්සක් ජාතීන්ගේ සංවිධානය විසින්. ඒ සඳහා මුල් පිරූ පරිසර වැඩසටහන ආරම්භ වුණේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී.

 
Related Posts with Thumbnails