Ads 468x60px

.

සුදුවීමට ගත්තු ඉන්ජෙක්ෂන් එක නිසා නදීෂා මහත් වෙලාලු

නොසිතූ ලෙස මහත්වීම ඇගේ හිතට බරක් වෙලා...

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි මේ දිනවල නොසිතූ ලෙස මහත්වීම ඇගේ හිතට බරක් වී ඇතැයි වාර්තා වේ. 


සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්ෂාකර ගැනීමට ලබාගත් විශේෂ එන්නතක් හේතුවෙන් නදීෂා මෙසේ ටිකක් තරබාරුවී ඇති බවට ඇගේ හිතේ මතයක් ඇතැයි ද පැවසේ.


කෙසේවුවද අදාල එන්නත ගෙන්වන්නේ ජනපි‍්‍රය ගායිකාවක වන කේ. සුජීවා බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.
සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබෙන අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලූ දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලබයි.

සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලබන ප‍්‍රධානම ප‍්‍රතිකාර වේ.සුජීවා, ඉන්දියාවේදී මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හදාරණ අතරවාරයේදී ලෝක ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන ශනාස් හුසේන්ගෙන් හර්බල් ඩිප්ලෝමාවක් ලබාගෙන ඇතැයි ද පැවසේ.

ඇයට සංගීතය පිළිබඳව ද විශාරද උපාධියක් තිබෙන අතර ඇය ගායිකාවක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘ඉගිමරණ තරු රූන’ යන ගීතයත් සමගය.
 
Related Posts with Thumbnails